Keheli.lk

15% OFF

Galilaye Dedenek – ගලීලයේ දෙදෙනෙක්

රු828.75

නත්තල් දේව මෙහෙයට සහභාගිවීමට දෙව් මැඳුරට ගිය ලේඛිකා මාජරී හෝම්ස් එහි අඩ අඳුරේ නිසොල්මනේ වාඩි වී සිටියා ය. හරිත වර්ණ නත්තල් ගස් ද, කැරොල් හඬ ද, රාත්‍රියේ සුන්දරත්වය ද දෙව් මැඳුරට ආවේණික ශාන්ත බව තීව්‍ර කරන්නාක් සේ ඇයට පෙනිණි. හදිසියේම ඇයට ඉටිපන්දම් එළියෙන් ආලෝකමත් ගවලෙනෙහි අලුත් පිදුරු වල මිහිරි සුවඳ දැනෙන්නට විය.

“එය ඇත්තටම සිදුවුණා!” ඈ විමතියෙන් සිතන්නට වූවා ය.” එය සිදුවුණේ සැබෑ මිනිසුන්ට, සැබෑ ස්ථානයක, සැබෑ සුවඳ හා ශබ්ද හා දසුන් මැද.” මේරි නම් වූ ඒ සුරූපි තරුණ මව ඇගේ දියණියගේ වයසේම පසු වූ නිර්මල යෞවනියකි.

මාජරීගේ සිතිවිලි ඈට නොතකා සිටින්නට නොහැකි තරමට ප්‍රබල විය. ඒ අසිරිමත් රාත්‍රියේ ඈ දෙව්මැඳුරෙන් පිටවූයේ දෙවියන් වහන්සේ විසින් තෝරා ගන්නා ලද සැබෑ යුවළකගේ සැබෑ කතාව ලොවට පැවසීමේ අධිෂ්ඨානය සිත්හි දරාගෙනය.

ශුද්ධ වූ දේශයෙහි සහ අදාළ වෙනත් ස්ථානවල සංචාරය කරමින් කරුණු එක් රැස් කොට මේ පොත ලියා අවසන් කිරීමට ඇයට වසර තුනක් ගත විය. පොත ලියා අවසන් කළ ඈ දැඩි ප්‍රීතියෙන් අත් පිටපත තම පපුවට තුරුළුකර ගත්තේ එය ඔබ හා මා සමග බෙදා ගැනීමේ මහගු අවස්ථාව උදා වූ බැවිනි.

මාජරී පවසන අන්දමට ඈගේ ප්‍රියතම සාහිත්‍ය කෘතිය මෙය ය. පිදුරු සුවඳින් ඇගේ සිතේ මැවුණු මේරි – ජෝසෙප් ආදර අන්දරය ඔබත් කියවා

Reviews

There are no reviews yet.

Be the first to review “Galilaye Dedenek – ගලීලයේ දෙදෙනෙක්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat