Keheli.lk

15% OFF

Gaiger dutu lankawa – ගයිගර් දුටු ලංකාව

රු1,700.00

සංචාරකයෙකුගේ මනෝභාවය වටහාගත හැක්කේ තවත් සංචාරකයෙකුට පමණි. නන්නාඳුනන ශිෂ්ඨාචාරයක් සංවරණය කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි. සුදන්තක පී. විජේතුංග එවැනි දුර්ලභ සංචාරකයෙකි. සංස්කෘතිය සොයා යා හැකි එකම පහුර වන්නේ භාෂාවයි. විල්හෙල්ම් ගයිගර් පඬිතුමා ප්‍රාචීන භාෂා ගවේෂණය කරමින්, අපේ ඉතිහාසය පුරා සැරිසැරූ සහභාගී නිරීක්ෂකයෙක් විය. සුදන්තක පී. විජේතුංග භාෂාව වාහනයක් කොට ගනිමින්, යටගිය ලෝකය ගවේෂණය කරයි. හේ ජර්මන්, ඉතාලි, හින්දි සහ ඉංග්‍රීසි යන භාෂාවන්හි මනා නිපුණතාවක් දක්වයි. කොළඹ ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානය සුදන්තකගේ ජර්මන් භාෂා අධ්‍යයනයේ මූලික පාසලයි. වර්තමාන ජර්මනියේ සංචාරය කරමින්, ගයිගර් පඬිතුමාගේ ස්වකීයයන් හරහා එතුමන්ගේ උපභෝග, පරිභෝග තොරතුරු රැසක් ශාස්ත්‍රීයව ගවේෂණය කළ සුදන්තකට, මුල් ජර්මන් බසින්ම එතුමන්ගේ ලංකා දේශාටන වාර්තාව සිංහලයට පරිවර්තනය කිරීමේ හැකියාව උදාවිය. දැනට ඉතාලියේ මිලානෝ නුවර වෙසෙන සුදන්තක ලාංකීය සංචාරක සාහිත්‍යයට නිපුන නිර්මාණ රැසක් ගෙන ඒමට සැදී පැහැදී සිටී.

– ජැක්සන් ඇන්තනී –

Reviews

There are no reviews yet.

Be the first to review “Gaiger dutu lankawa – ගයිගර් දුටු ලංකාව”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat