Ekathuwana Kala Wehiwala එකතුවන කල වැහිවලා
රු480.00
රටවල් පනස් හතරකින් සමන්විත විශාලත්වයෙන් දෙවන ස්ථානය ගන්නා මහද්වීපය අප්‍රිකාවය. කලක් අඳුරු මහද්වීපය ලෙසින්ද හැඳින්වුණු මෙහි එක් එක් රටට අනන්‍ය වූ ඉතිහාසයක්, සංස්කෘතියක්. සිරිත් වරිත්. සම්ප්‍රදායන්, විශ්වාසයන් හා ඇදහිලි ඇත. එමෙන්ම පොදුවේ ඔවුන් සැමට විශේෂිත සාහිත්‍යයක්ද තිබේ. සමස්ත අප්‍රිකාව පුරා පැවැති වහල් භාවය, පීඩනය. සූරා කෑම, අසාධාරණය, දේශීය බලපෑම් වැනි අනේක විධ දුෂ්කරතා පරදා නැගි සිටින්නට බොහෝ කාලයක් තිස්සේ ඔවුන් ගත් උත්සාහය ඔවුන්ගේ සාහිත්‍ය කෘති තුළින් මොනවට පැහැදිලි වෙයි.
සියලු අප්‍රිකානු භාෂා වලින් සාහිත්‍ය කෘති පළවෙතත් අප්‍රිකාවේ ඉංග්‍රීසි සාහිත්‍යද ලෝක ඉංග්‍රීසි සාහිත්‍යය තුළ ජනප්‍රිය වෙමින්, සිය අනන්‍යතාව මැනවින් පවත්වාගෙන යයි. පරිවර්තන සාහිත්‍ය ක්ෂේත්‍රයේ මා ලබා ඇති අත්දැකීම් අනුව මේ කෘතිය ශ්‍රී ලාංකේය පාඨකයින්ට සමීපවන ආකාරයට මගේ අතින් පරිවර්තනය වී ඇතැයි සිතමි.







Reviews
There are no reviews yet.