Keheli.lk

10% OFF

Eka wage kurullo – එක වගේ කුරුල්ලෝ

රු855.00

හුඟ දෙනෙක් හිතන් ඉන්නේ සඳලතා, මිනිස්සු ආදරය කරන්න පෙලඹෙන්නේ තරුණ කාලේදි විතරයි කියලා. ඒක වැරදියි. ඇත්තටම මිනිස්සු ගැඹුරින්ම ආදරය කරන්න පටන් ගන්නේ මැදි වයසට ආවට පස්සේ. ඒත් ඒක හැඟීම්වලට වහල් වෙච්ච ආදරයක් නෙවෙයි. ඒක ශාරීරික අවශ්‍යතාවයකට එහා ගිය මානසික අවශ්‍යතාවක් ඒත් ඒ එක්ක බැඳිච්ච මානසික ඕනෑ එපා කම් ගැන ගැඹුරින්ම දකින්නේ ඒ ගැන හිතන්නේ ජීවිතය ගැන උපේක්ෂාවෙන්, මධ්‍යස්ථව බලන කෙනෙක්ට විතරයි. ඒත් ඉතින් එහෙම හිතන අය හුඟක්ම අඩුයි සඳලතා. හිතවත් කමකට එහා ගිය ඒත් ආදරයකට මෙහා නැවතුණු සමීප සම්බන්ධකමක් ගැහැනියෙක් මිනිහෙක් අතර තියෙන්නම බැරිද සඳලතා. අපි අතර තියෙන්නේ එහෙම දෙයක් නෙමෙයි ද, ඒ හින්දා අනුන් අපි ගැන හිතන විදිය ගැන කලබල වෙන්නවත් ඒවා අපිට අදාළ කරගන්නවත් ඕනේ නෑ.” යැයි කියමින් ඔහු ඇයගේ මුහුණ දෙස බැලුවේය.

Reviews

There are no reviews yet.

Be the first to review “Eka wage kurullo – එක වගේ කුරුල්ලෝ”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat