Eda ayurin-එදා අයුරින්
රු1,402.50
“මිණී… ඒ මගේ අම්මා… එයාට එහෙම කියන්නෙපා… ඔයාට තේරෙන්නෑ මේ දේවල්… මොකද ඔයාට…’
“අම්මෙක් නෑ…”
රුහාරා අඬ අඬා කියවන් ආපු ටික මං සම්පූර්ණ කරේ සද්දෙන්. එයා අත් දෙකෙන්ම කට වහගත්තේ ඇසුත් මහත් කරන්.
“ඒකනෙ කියන්න ගියේ නේද…”
මං එහෙම අහද්දිම කොහේදෝ නැති කඳුළක් ඇවිත් මගේ ඇස් අග්ගිස්සෙන් වාඩි වුණා.
“මිණි මං එහෙම කිව්වෙ නෑ…
රුහාරාට ගොඩක් ඇඬුණා.
“ඔයාට එයාව විශ්වාස උනාට මට එයාව විශ්වාස නෑ… හැබැයි මට ඔයාගේ අත්තම්මව විශ්වාසයි…
මට අම්මෙක් නෑ තමයි… මට ඒවගේ අම්මෙක්නම් ඕනම නෑ….
“චූටි අම්මා…”
අයියා සැරෙන් කියාගෙන පුටුවෙනුත් නැගිට්ටේ කේන්තියෙන්. මාව වෙවුලුවා. අයියගේ ඇස් කේන්තියෙන් හරි දුකෙන් හරි ගොඩක්ම රතු වෙලා.
“මගෙ අම්මා මගෙ අයියා…
අම්මෙක් නැති නිසා මට අම්මලගෙ ආදරේ
තේරෙන්නෑ කියල කියන්න එන්නෙපා රූ…
ඔයාටත් වඩා මං අම්මගේ ආදරේ වින්දා මගේ අයියගෙන්…
හැබැයි ඔයාගෙ අම්මට වගේ ඇඟේ
ලේ ටික කිරි කරගන්න බැරි උනා එයාට…
පුළුවන් උනානම් එයා ඒකත් කරයි…
කියන්න එන්නෙපා මට, අම්මලගෙ ආදරේ ගැන…






Reviews
There are no reviews yet.