10% OFF
Duo-ඩුඕ
රු1,431.00
උමා සහ සාරා කාලවකවානු දෙකක දෙරටක ජීවත් වන තරුණයන් දෙදෙනෙකි. ඔවුහු සමාන සමාජ සංසිද්ධීන් හරහා ඇවිද යති. හෙවත් පර පීඩක පිරිමින්ට මුහුණ දෙති. අනතුරුව උදාවන සමාජ පරාමිතීන් හා මේ දෙදෙනා ගනුදෙනු කරන්නේ දෙයාකාරවය.
උමා සන්තානගත අඳුරක වෙළී උකටලීව සැනසුම සොයා සරන්නී, සතුට අන් තැනෙක සෙව්වාය. සාරා අරුමැසි ජීවිතයේ ප්‍රහර්ෂය හඹා යන්නී, දිවියේ සාරය දකින අදිටන සුරතට කැටි කොට ගත්තාය.
නීතිය, හොරා පොලිස් කළේය. ආලයේ දෙවඟන උන් හා ඔට්ටු සෙල්ලම් කළාය. සමාජ පරමාදර්ශී භූතයෝ මේ දෙදෙනා පසුපස හඹා ගියහ.
ඥාන පරාසය, සංස්කෘතික පරිඥානය සහ පෞරුෂය කේන්ද්‍රීයව, එකිනෙකාගේ හැසිරීමෙහි සහ තීරණයන්හි සියුම් වෙනස්කම් පවා ජීවන පරිධිය නිර්ණ කෙරුමෙහිලා බලපානු නොවෙද?
පිරිමි ලෝකයක් තුළ විමුක්තිය සොයන
තරුණියන්ගේ කතාන්දරයකි මෙය.










Reviews
There are no reviews yet.