Keheli.lk

15% OFF

Dominatar – ඩොමිනේටර්

රු1,190.00

සර්ජන් ඝාතන නඩුව නිම වී වසරකට ආසන්න කාලයක් සන්සුව ගතවී හමාරය. නමුත් නැවතත් එම තත්ත්වය හාත්පසින්ම උඩු යටිකුරු වූයේ විවිධ ප්‍රදේශ වල සිදු වූ නව ඝාතන රැල්ලක ආරම්භය සමඟිනි. සර්ජන් නඩුවෙන් හෙම්බන් වී සිටි බොස්ටන් පොලිසිය තවත් අසීරු අඩියකට පත්වූයේ නව දාම ඝාතනයන්හි සර්ජන් දාම ඝාතන රැල්ලට සමාන සහ අසමාන ලක්ෂණයන්හි සම්මිශ්‍රණයක් තිබීම නිසාය. පෙර නොවූ විරූ ලෙස බොස්ටන් පොලිස් දෙපාර්තමේන්තුව සමඟ නිව්ටන් පොලිස් දෙපාර්තමේන්තුව මෙන්ම FBI ආයතනයටද සම්බන්ධ වීමට සිදුවූයේ මෙහි ප්‍රතිඵලයක් ලෙසය.

සර්ජන් යනු කවුරෙක්ද? සර්ජන් සිර අඩස්සියේ සිටියදී නව ඝාතන රැල්ලකින් නගරය මුසපත් කළ ඩොමිනේටර් කවුරුන්ද? වසරකට අධික කාලයක් යටපත්ව තිබූ සර්ජන් භීතිකාව යළින් නගරය වෙළාගැනීමට සමත් වෙයිද?

‘සර්ජන්’ හි ප්‍රධාන චරිතයන් සියල්ල සමගින් Tess Gerritsen විසින් තම Rizzoli and Isles නව කතා මාලාවේ තවත් ප්‍රධාන චරිතයක් වන අධිකරණ වෛද්‍ය මූරා අයිල්ස් මෙම කෘතිය තුළින් හඳුන්වා දෙනු ලබන අතර Rizzoli and Isles නව කතා මාලාවේ දෙවැන්න වන මෙම කෘතිය වෛද්‍ය විද්‍යාව, අපරාධ විද්‍යාව සහ අධිකරණ වෛද්‍ය විද්‍යාවද මුසු වූ “Crime Suspense” සහ “Medical Thriller” ශානරයට අයත් වේ.

Reviews

There are no reviews yet.

Be the first to review “Dominatar – ඩොමිනේටර්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat