Divi rala pela-දිවි රළ පෙළ
රු1,080.00
දිවි රළ පෙළ’ පාඨකයාට සමීප වන්නේ එහි එන චරිත මුහුණ දෙන ගැටුම් ගණනාවක් හේතුවෙනි.මෙහි ප්‍රධාන චරිත වන සුභාෂිණී,ලක්ෂ්මන් වීරවික්රම හා ඔහුගේ පුත් සුධීර, සහ රූපිකා අද්‍යතන සමාජ සංස්කෘතික හා ආර්ථික මතු නොව දේශපාලනික අර්බුද හේතුවෙන් ද සිය දිවි මඟ නේක හැලහැප්පීම් හා සලා වැටුම් රැසක් අත්විදින මනුෂ්‍යයෝ වෙති…වීර වික්‍රම පවුලේ සාමාජිකයන් අතර ඇති මානුෂීය සම්බන්ධතාවය කම්පනයට ලක්කිරීමට හා ගැටලු රාශියක් උත්පාදනය කිරීමට උක්ත කරුණු සෘජුවම බලපාන අයුරු කතුවරිය ඉතා රසවත් ලෙස කර ඇත.
රුක්මණි සමරනායක කතුවරිය සිංහල, ඉංග්‍රීසි දෙබසින්ම කලක සිට නිර්මාණ කරණයේ නිරත වන්නීය. ඇයගේ නිර්මාණ රාජ්‍ය සාහිත්‍ය සම්මානයන්ට මෙන්ම වෙනත් සම්මානයන්ට ද පාත්‍ර වී ඇත.ඇයගේ ප්‍රථම සිංහල නවකතාව වන “දිවි රළ පෙළ” යථාර්ථවාදී රීතියෙන් ලියැවුණකි. ඉහළ සමාජ පන්තිය මතු නොව, පීඩිත පන්තිය ද, ඒ අයගේ පවුල් පසු බිම්ද එකට එක ගැටෙන අන්දම එහි ජිව රුධිරය බවට පත් කැරගෙන ඇත. මින් කියැවෙන සිද්ධි මාලාව මගින් එය පාඨකයාට ජීවිතාවබෝධයද, කම්පනයද, රසවින්දනයද අත්විදීමට සලස්වයි.
ආර්. එම්. නිල කරන්න, සම්මාන ලාභී ගත් කතුවර.








Reviews
There are no reviews yet.