Keheli.lk

20% OFF

Dewana Loka Yuddaye Soviyat Peramuna – දෙවන ලෝක යුද්ධයේ සෝවියට් පෙරමුණ

රු800.00

ශ්‍රේෂ්ඨ දේශප්‍රේම් සංග්‍රාමය යනු මිනිස් ඉතිහාසයේ කුරීරුතම, වේදනාත්මක සිදුවීමි අතරින් එකකි. එයින් සෝවියට් සංගමයට සිදු වූ හානිය සුළු පටු නොවේ.

මේ හානි නොතකා ස්ලාවික්, මධ්‍යම ආසියානික, කොකේසියානු හා නානා ප්‍රකාර ජනවර්ගයන්ට අයත් සෝවියට් ජනයා පෙර දිග යුද පෙරමුණෙහි අප්‍රතිහතධෛර්යයකින් සතුරාට එරෙහිව සටන් වැදුනහ.

ලෙනින්ග්‍රාදය වටලමින්, මොස්කව් නුවරට රැකවල් යොදමින්, ස්ටාලින්ග්‍රෑඩ් සටනේ ලේ වගුරවමින් බොහෝ දුෂ්කරතා මැද ඔවුහු නාසි ජර්මානු හා සහායක පක්ෂයට එරෙහිව යුද ජයග්‍රහණ වාර්තා කළහ. ක්‍රෑර ලෙස ප්‍රති ප්‍රහාරයන් දියත් කරමින් රතු හමුදා සෙබළු 1945 වසරේ මැයි මස බර්ලීන් නගරයට ලඟා වූහ.

ජයග්‍රහණය සාක්ෂාත් කළද ඒ අබියස දස ලක්ෂ ගණනක් ජනයා දිවි පිදූහ. ගම් බිම් මහ නගර මුළුමනින්ම විනාශ වී ගොස් තිබුණි. එහෙත් දේශප්‍රේමී සංග්‍රාමය සෝවියට් ජනවර්ග සහෝදරත්වයේ හුයෙන් එකට බැඳ දැමුවේය.

සෝවියට් දේශය මිය ගියේය. එහෙත් ඒ අවකාශයේ එදා මෙන්ම අදත් තීරණාත්මක සිදුවීම වන්නේ දේශප්‍රේමී සංග්‍රාමයයි.

පොදු සතුරාට එරෙහිව නැගුණු බහුවාර්ගික සෝවියට් වැසියන්ගේ කැපවීමේ ප්‍රතිපලය වූයේ විජයග්‍රහණයයි.

සෝවියට් සමුහාණ්ඩු සුසානවලින් ගොඩ නැගුණු නව නිදහස් රාජ්‍යයන් තුළ සාමුහික මතකය මෙන්ම නව අනන්‍යතාවයන් යළිත් ඒකීය බවේ ආසන්නයට ගෙන ආ පොදු සාධකය දේශප්‍රේමි සංග්‍රාම අතීතයයි.

සෝවියට් මතක සේ සලකා මේ අමරණීය උරුමය මකා දමන්නට පිඹුරුපත් ඇතත් පැරණි සෝවියට් අවකාශයේ එය ගලක කෙටූ අකුරු මෙන් ඉදිරියේද නොනැසී පවතින බව නිසැකය.

සමාජ දේශපාලන විශ්ලේෂකයකු වන චාමර සුමනපාලයන්ගේ දෙවන ලෝක යුද්ධයේ සෝවියට් පෙරමුණ නම් කෘතිය දොරට වඩින්නේ, ඒ සදාකාලික, සාමුහික උරුමය විවිධ භූ – දේශපාලන වාසි උදෙසා ජන විඥානයෙන් මකා දමන්නට දැඩි සේ යන්න දරන පසුබිමකය.

සිංහල පාඨක ජන මනස තුළ දේශප්‍රේමී යුද්ධයේ සෝවියට් සංගම් සලකුණ සනිටුහන් කරමින් ඒ උරුමයේ තොරතුරු අනාගත පරපුර උදෙසා ඉතිරි කර තැබීමට සුමනපාලයන් ගත් මේ ලේඛණ අභ්‍යාසය ප්‍රශංසාවට ලක් විය යුතු විශිෂ්ට උත්සාහයකි

Reviews

There are no reviews yet.

Be the first to review “Dewana Loka Yuddaye Soviyat Peramuna – දෙවන ලෝක යුද්ධයේ සෝවියට් පෙරමුණ”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat