Keheli.lk

20% OFF

Deha chithraya-දේහ චිත්‍රය

රු400.00

මහා රුසියානු සාහිත්‍යයට අයත් ප්‍රථම නිර්මාණය “සාන්ත පීටර්ස්බර්ග්” නම් කතා සංග්‍රහයයි. එය පීටර්ස්බර්ග් නගරය පසුබිම් කොට ගෙන රුසියානු ජන සමාජය විග්‍රහ කෙරෙන කතා කිහිපයක එකතුවකි. ඒ සෑම කතාවකම පුංචි මිනිසා ගැන සාකච්ඡා කෙරෙයි.මෙම සංග්‍රහයට කතා හයක් ඇතුළත් වෙයි.නෙව්ස්කි වීදිය (1834), නාසය (1836), හිමකබාය (1841), දේහ චිත්‍රය (1842), අශ්ව රථය (1836), පිස්සකුගේ සටහන් (1834). මේ අතරින් සුප්‍රසිද්ධ කතාව “හිම කබාය“ යි. “අපි සියල්ලෝම ගොගොල්ගේ හිම කබායෙන් උපත ලද්දෙමු” යි කියැවෙන රුසියානු ලේඛකයන්ගේ ප්‍රකාශය සාධාරණයයි ප්‍රංශ විචාරක Eugene – Melchior Vicomte de vogue 583(මෙය දොස්තයෙව්ස්කිගේ ප්‍රකාශයකැයි සාමාන්‍ය පිළිගැනීමක් ඇතත් එය නිවැරදි නොවේ.) ප්‍රකාශ කර තිබීමෙන්ම එම කතාවට ලෝක සාහිත්‍යය තුළ හිමි වී ඇති ස්ථානය ප්‍රකට වෙයි. මෙම කතා සංග්‍රහයට අයත් අනෙකුත් කතා කියවා ඇගයීමට ලක් කිරීම පාඨකයාට භාර කරමි.

Weight 0.25 kg

Reviews

There are no reviews yet.

Be the first to review “Deha chithraya-දේහ චිත්‍රය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat