Keheli.lk

10% OFF

C+ – සී+

රු1,341.00

*** 2022 ස්වර්ණ පුස්තක සම්මානය සඳහා නිදේශිත නවකතාවකි ***

ලංකාවේ ජනප්‍රියතම ගීතය පද රචනය කළේ මම. දැන් ඔබ සන්තානයේ දහසකුත් එකක් ප්‍රශ්නාර්ථයන් පැන නැගුණු වග මට දැනෙනවා. එකී සෑම පැනයකටම පිළිතුරු මෙහි අන්තර්ගතයි. ඒත් ඉහත කී ප්‍රශ්න සඳහා පිළිතුරු ගවේෂණය කරනට තකහනියේ පිටු පෙරළන්න හදිසිවෙන්න එපා.
කතාවේ සුල මුල දැනගන්න නම් මේ පොතේ අකුරක් නෑරම කියවන්න සිද්ධ වෙනවා. අපේ ජීවන ගීතයේ රහස් තියෙන්නේ මේ පිටු අතර හිරවී. පරිච්ඡේද අතර නිම කරගත නොහී වල්මත්වී. ඡේදවල මුල්ලට වී අදෘශ්‍යමානව. වාක්‍ය රටා අතර උඩුයටිකුරු වී. වචන අතර හිස් අවකාශයේ තනිවී.
මගේ ගේය පද රචනා කලාව එක ගීයකින්ම නිම වුණා. ඒ ගීතයෙන් අපි රටම හෙලෙව්වා. ලත් තැනම ලොප් වුණු මගේ කලා දිවිය අපේ ජීවිත උස්සා පොළොවේ ගැසුවා. ජීවිතයේ නැවත කිසි දිනෙක ගී පද රචනා කිරීමට මගේ බලාපොරොත්තුවක් නෑ. ඒ වෙනුවට මේ පොතේ අපේ කතාව ලියා තියනවා.
සී+, සුරත් ද මැල්ගේ දෙවන නවකතාවයි. ඔහුගේ ප්‍රථම නවකතාව ‘තී හා තා’ පාඨක, විචාරක සහ සාහිත්‍ය සම්මාන දිනා ගැනුමෙහිලා සමර්ථ වූ අතිශය ජනප්‍රිය සහ ආන්දෝලනාත්මක කෘතියකි.

*** 2022 ස්වර්ණ පුස්තක සම්මානය සඳහා නිදේශිත නවකතාවකි ***

Reviews

There are no reviews yet.

Be the first to review “C+ – සී+”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat