15% OFF
Brohiyar Hadunagath Lankawa-බ්‍රෝහියර් හඳුනාගත් ලංකාව
රු595.00
මෙය ලංකාවේ යටගිය දවස සම්බන්ධයෙන් මගේ සිත් සතන් තුළ පහළ වූ හැඟීම පළ කරන අධ්‍යයනයකි. 1910 සිට 1949 දක්වා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මාගේ සේවා කාලය නිසා, අන් අයකු සාමාන්‍යයෙන් නොයන, ලංකාවේ ප්‍රත්‍යන්ත ප්‍රදේශයන් කරා ද, මුහුද ආශ්රිත ප්‍රදේශ කරා ද මා මෙහෙයැවිණි. මේ ප්‍රත්‍යන්ත ප්‍රදේශයන් හි ඇති, ලංකාවේ තිබූ අපූර්ව ශිෂ්ටාචාරය පිළිබඳ කුතුහලය දනවන හා සිත් අදනා නටඹුන් තුළින් සිත් සතන් හි සැඟැ වී ඇති මතක සමුදායන් අවදි වේ. එ මෙන් ම ඇවැතුම් පැවැතුම් මඟින් දූෂණය නොවී, නගරයේ ජනයා මෙන් කෘත්‍රිම ඇවැතුම් පැවැතුම් බදා නොගත් අව්‍යාජ ගැමි ජනතාවක් ද මෙහි වාසය කරත්.කෘතිය තුළ අඩංගුව ඇත්තේ, මේ ඉපැරණි ශිෂ්ටාචාරයේ, ජනකථා සම්ප්රදායයන් සහ ඉතිහාසය පිළිබඳ කථාවයි.
Reviews
There are no reviews yet.