Boththamaka dawatuna maranaya-බොත්තමක දැවටුණ මරණය
රු594.00
පුදුමය රැඳි දෙනෙත් තම පුතුන් දෙසම තබාගෙන දේවක අසන්නේ ඇයවත් කිසිදා හැබැහින් දැක නැති බංගලාවක් ගැන අවුරුදු හතරක් වයනැති තම පුතු මේ තරම් පැහැදිලිව පවසන්නේ කෙසේද කියා ය. එහි ද්වාරයන් සහ අවට වටපිටාව ගැනද ඔහු හැබැහින් දුටුවා සේ ප්වසීම ඇයව ව්‍යාකූල නිරීමට සමත් වීය.
මමයි. සවිනුයි. කෙශ්නුත් එක්ක තව දෙන්නෙක් ගියා අම්මා මට අනිත් දෙන්නගේ නම් මතක නෑ.
ඔය බංගලාව තියෙන්නේ ලොකු කන්දන් උඩ ඒ දෙපැත්තෙම ලොකු බෑවුම් නියෙන්නේ. අපිත් එක්කම අපි ගිය වාහනේ ඒ හෙලෙන් පහළට පෙරළුණා අම්මා.
දෑස් තවමත් රූපවාහිනිය මත දිස්වෙන මවුන්ට් මේර් බංගලාව මතම රඳවාගෙන පුංචි නිශූ පවසන්නේ දැඩි කනස්සල්ලකින් ය. අවසන් වදන් මුවින් පිටවද්දී ඔහුගේ සිගිති දෑස්වල කඳුළු ය.
නිශු නවත්තන්න කිව්වේ ඔය බොරු කියන එක. ඇත්ත කියන්න කවුද ඔයාට ඔය බංගලාව ගැන කියලා දුන්නේ.
සිඟිති පුතු පවසන වදන් වලින් නොසන්සුන් වූ දේව්යා අත රැඳි කෙටි තුවායත් එතනම තිබූ කුඩා මේසය මතට විසි කරමින් අඩියක් දෙකක් නිශු අසලට තබා ඔහුගේ බාහුවකින් අල්ලා ගනිමින් දැඩි හඬින් විමසන්නේ බාහුව ද සොලවන ගමන් ය.
මම නිශු නෙවෙයි. මම කෙනුල්. කෙනුල් දේශ්ම වීරරන්න.








Reviews
There are no reviews yet.