Bhasmawashesha-භස්මාවශේෂ
රු1,560.00
කෙයාන්ගෝම් කඳුකර මධ්‍යයේ
ඉලේන් බන්ස්ටන්ගේ සිරුර පිලිස්සී යයි. ප්‍රකට නීතිඥවරියගේ අනන්‍යතාව හඳුනා ගැනීමට ඉතිරි වී පවතින්නේ ඇගේ දත් කොටස් හා රෙදි කැබැල්ලක් පමණි.
මේ අතර ස්කොට්ලන්තයේ, එඩින්බ්‍රෝ නගරයේ විශාල ගෘහයක බිම් මහලේ පිහිටි සැඟවුණු කාමරයක් තුළින් ඉලේන් බක්ස්ටන්ගේ විලාපය
අඳුර විනිවිද යයි.
රහස් පරීක්ෂක ඉස්පෙක්ටර් ලක් කැලනැක් තම අලුත් රාජකාරී ස්ථානයට පා තබත්ම ඉලේන් බක්ස්ටන් නැමති නීතිඥවරිය අතුරුදහන්ව ඇති බව අසන්නට ලැබේ. එය මිනීමැරුමක් බවට සැක කෙරේ. ඉන්ටර්පොල්හි රාජකාරියට සමු දී ස්කොට්ලන්තයට පැමිණි කැලනැක් තමා
අසමර්ථයකු නොවන බව ඔප්පු කළ යුතුව තිබිණ. ඉලේන්ගේ මිනීමරුවා ඉතා දක්ෂ ලෙස සාක්ෂි වසන් කොට ඇති බව ඉන් පසුව අනාවරණය වේ.
නොබෝ වේලාවකින් ම අසන්නට ලැබෙන්නේ
තවත් කාන්තාවක පැහැර ගනු ලැබ ඇති බවට වූ පුවතයි. ඔරලෝසු කටුවත් සමඟ දැඩි සටනක නිරත වීමට කැලනැක් හට සිදු වේ.
එහෙත් ඔහු බලාපොරොත්තු වූවාට වඩා
ම කාන්තාවන්ගේ ඉරණම භයංකර වී තිබිණ.









Reviews
There are no reviews yet.