Keheli.lk

20% OFF

Bharathiya Janakatha Siyayak – භාරතීය ජනකතා සියයක්

රු1,600.00

‘භාරතිය ජනකතා සියයක්’ නමින් එළි දැක්වෙන මෙම කතා සංග්‍රහය ශ්‍රී ලංකාවේ හින්දි බස පිළිබද ජ්‍යෙෂ්ඨතම විද්වතා වශයෙන් සැලකෙන කැලණිය විශ්වවිද්‍යාලයේ හින්දි අධ්‍යයනාංශයේ විනේතෘ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උපුල් රංජිත් හේවාවිතානගමගේ විසින් පරිවර්තනය කොට ඇත. ඔහුගේ හින්දු විෂය පිළිබඳ ආචාර්ය උපාධිය ඉන්දියාවේ ජවාහර්ලාල් නේරු විශ්ව විද්‍යාලයේදී සම්පූර්ණ කීමට හැකි වීමෙන් හින්දි භාෂාව හා සාහිත්‍යය පිළිබඳව වඩාත් ගැඹුරින්  අධ්‍යයනය කිරීමේ අවස්ථාව ඔහුට ලැබී ඇත. එමෙන්ම ශ්‍රී ලංකාවේ හින්දි බස ප්‍රචාරය කිරීමෙහි ලා දසක තුනකට අධික කාලයක් තිස්සේ ඔහු විශේෂ දායකත්වයක් ලබා දී ඇත. මෙවැනි ජනකතා සියයක් සිංහල බසට පරිවර්තනය කිරීම ඔහුගේ දීර්ඝකාලීන ශාස්ත්‍රීය හා සංස්කෘතික අත්දැකීම්වල ප්‍රමාණිකත්වයට සාක්ෂ්‍යයකි. මහාචාර්ය හේවාවිතානගමගේ විසින් සිදු කරන ලද මේ පරිවර්තන කාර්යයේ මට්ටම හුදු භාෂා කුසලතාව මතම පදනම් වී නැති අතර, ඒවා භාවාත්මක වශයෙන් හා සංස්කෘතික සන්දර්භයේදීද ඉහළ තලයක පවසින බව පෙනී යයි. මේ ජනකතාවලින් භාරතය සහ ශ්‍රී ලංකාව අතර පවතින සංස්තික සේතුවට තවස් බාරසාර බවස් එකතු වෙන බව නිසැකය. මෙම ජනකතා සංග්‍රහය සිංහළ පාඨකයන්ට මනෝරංජනයක් පමණක් ලබා නොදෙන්නක් වන අතර, භාරකයේ විවිධ විචිත්‍ර සංස්කෘති සහ ජන විඥානය පිළිබඳවත් ගැඹුරු අවබෝධයක් ලබා දෙනු ඇතැයි විශ්වාස කරමි. එමෙන්ම මෙම සද් කාර්යය භාෂා පරිවර්තනය, අන්තර් සංස්කෘතික සංවාදය මෙන්ම ශාස්ත්‍රීය පර්යේෂණ යන ක්ෂේත්‍රවල පාඨකයන්ට සහ පර්යේෂකයන්ටද මහගු අවස්ථා රැසක් උදා කර දෙන විශිෂ්ට කාර්යයක් බවට පත් වනු නොඅනුමානය.

Reviews

There are no reviews yet.

Be the first to review “Bharathiya Janakatha Siyayak – භාරතීය ජනකතා සියයක්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat