Keheli.lk

15% OFF

Beragala pamula – බෙරගල පාමුල

රු1,105.00

අසාමාන්‍ය ලෙස මුව විවර කළ නාගයා කිසිවක් වමෑරුවේය. දෑස් නිලංකාරව යන තරමේ නීල වර්ණ දීප්තියකින් යුත් වූ එය නාග මාණික්‍යය බව ජෛත්‍රී වටහා ගත්තාය. මනු ලොවින් දෙව් ලොවටත්, දෙව් ලොවින් බඹ ලොවටත් ඒ දීප්තිය විහිද යන්නට ඇතැයි ද, පොළව පළාගෙන නා ලෝකයටත් ඒ දීප්තිය විහිද යන්න ඇතැයි ද සියල්ලෝම සිතූහ.
කිසිඳු කලබලයක් නොමැති නාගයා කිරි භාජනයට මුව තබා බිඳෙන් බිඳ පානය කරමින් උන්නේය. නාගයා ක්ෂීර රසයට වහ වැටෙන තත්පරය තෙක් ඉවසා උන් බ්‍රින්දාරාම් වහා ක්‍රියාත්මක වූයේය.
කළුවන් රෙදි කඩකින් නාග මාණික්‍යය වැසී යද්දී හාත්පස ඒකාලෝක කළ ආලෝකය සැණෙකින් අතුරුදන් විය. ඇස්පිය සලන ක්ෂණයකටත් වඩා අඩු කාලයක් තුළදී ගතවූ ඊළඟ තත්පරය තුළ බ්‍රින්දාරාම් නාග මාණික්‍යය තමා සතු කර ගත්තේය.
සිදු වූ කිසිවක් වටහා ගත නොහැකි අසරණ සත්වයා වහා වටපිට බැලුවේය. ආලෝකය අතුරුදන් ව ඇත. ආලෝකය විහිද වූ සිය ප්‍රාණය හා සමාන, හදවත හා සමාන, හුස්ම හා සමාන මාණික්‍යය ද අතුරුදන් ව ඇත.

Reviews

There are no reviews yet.

Be the first to review “Beragala pamula – බෙරගල පාමුල”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat