Baisikal oththukaru-බයිසිකල් ඔත්තුකරු
රු423.00
මාසෙල්ගේ ජීවිතයේ වැදගත්ම බයිසිකල් ගමන ඔහුට පැදයන්නට හැකිවේද ප්‍රංශයේ කුඩා නගරයක වීදි දිගේ වේගයෙන් හෝ ඔහුගේ දෙමාපියන්ගේ බේකරියේ පාන් බෙදා හැරීම සඳහා තම පාපැදිය පැදයාමට මා සෙල් කැමතිය. දවසක සුප්‍රකට මහා ප්‍රංශ පාපැදි සවාරියට සහභාගී වීමේ සිහිනය ඔහුගේ මනසේ දලුලා වැඩෙමින් තිබින. එහෙත් 1940 දී සිදු වූ ජර්මානු ආක්‍රමණයෙන් ප්‍රංශ පාපැදි සවාරිය නැවැත් වීමට ඉඩහසර නොලැබිණ. දැන් ඔහුගේ ගමෙහි හැම අතම විසිරී සිටි සොල්දාදුවන් විසින් මාසෙල්ගේ බයිසිකල් ධාවනයට බාධා කරමින් මාර්ග බාකවලදී ඔහුව නවතා ප්‍රශ්න කරනු ලැබීය. ඉක්බිතිව මාසෙල්ට රහස් ද්විත්වයක් අනාවරණය වේ. පාපැදි සවාරිය අවලංගු වීමට වඩා භයානක කාරණා යුද්ධය සමඟ බැඳී පවතින බව ඔහු උගෙන ගනියි. සිය පාසලට පැමිණි යෙහෙළිය ඇතුළු ඇගේ පවුලම හදිසියේම ජිවීත තර්ජනයකට ලන්වන විට ඔවුන්ට පලා යාමට උපකාර කරන්නට ඔහුට රහස් පණිවිඩ එහා මෙහා ගෙන යන්නට සිදුවෙයි. මාසෙල් දැඩි වෙහෙස නෙතා දිගු ගමනකට මුල පුරයි.








Reviews
There are no reviews yet.