20% OFF
Aya mawak viya…ankayaka-ඇය මවක් විය…අංකයක
රු640.00
සුජාතා සියල්ලක්ම ප්‍රතික්ෂේප කරමින් දිගින් දිගටම හිස සැලුවාය. අනතුරුව කාමරයෙන් පිටතට විත් දොර වසා අගුලු දැම්මාය. එතැන් පටන් ඒ යතුර තිබුණේ ඈ සන්තකයේය. ඇගේ පසුම්බිය තුළ ය. පසුගිය දෙවසර පුරාම රාත්‍රියේ නැගිට විත් බ්‍රැතිගේ කාමරයට ඇතුළුවීම ඇගේ එක් පුරුද්දක් බවට පත් විය. ඇය එහි පැමිණ ලී බඩු පිසදා, ගෙබිම අමදින්නී ය. ඉවත්කර තිබූ ඇඳ ඇතිරිල්ල නැවත ඇතිරූ ඇය ඔහුගේ සපත්තු, ඇඳුම් රාක්කයේ පහළින් තැබුවාය. ඔහුගේ ඇඳුම් ද නවා පිළිවෙළට අසුරා තැබුවා ය. පුතුන්ගේ ඇඳුම් රහසේම සිඹිමින්, ඔවුන්ගේ ඡායාරූප ආදරයෙන් පිරිමදින ඇය වැනි දහසක් මව්වරු මෙලොව සිටිනවා ඇත.







Reviews
There are no reviews yet.