Keheli.lk

10% OFF

Ashoka-අශෝක

රු1,935.00

වනාන්තරයක ගවේෂකයෙකු මෙන් චාල්ස් ඇලන් ඉන්දියානු ඉතිහාසයේ අති සුවිශේෂී පාලකයා ලොවට අනාවරණය කරයි.
-ටොම් හොලන්ඩ්, Rubycon කර්තෘ

අභිරහස් නවකතාවක් සේ කියව්ය හැකි ත්‍රාසය දනවන කෘතියකි. කියවන්න, ඉතිහාසය චිත්තග්‍රාහී වන්නේ කෙසේදැයි ඔබට වැටහෙනු ඇත.
-මේග්නාඩ් දේසායි සාමිවරයා, Rediscovery of India කර්තෘ.

සදාචාරාත්මක බලයෙන් පමණක් ඉන්දියාව පාලනය කිරීමට ගත් ප්‍රයත්නයේදී ඉන්දියාවේ අශෝක මෞර්ය විසින් බුද්ධාගම සුළු නිකායක සිට ලෝක ආගමක් බවට පත් කර ඇත. ඔහු රාජ්‍ය පාලනය සඳහා නවතම මිණුම් දණ්ඩක් ස්ථාපිත කර ඇත. එහෙත් ඔහුගේ වික්‍රමාන්විත අත්හදා බැලීම් ශෝකාන්තයකින් අවසන් විය. ඔහුගේ නාමය ඉතා කාර්යක්ෂම ලෙස සියලූ වාර්තාවන් ගෙන් ඉවත්කිරීමෙන් ශතවර්ෂ දෙකකට ආසන්න කාලයක් ඔහු මතකයෙන් ගිලිහී තිබුණි. ගුප්ත ශෛලමය ස්මාරකයන් සහ ශිලා ලේඛන ස්වල්ප ගණනක් පමණක් ඉතිරිව ඇත. අතීතයේ මෙකී මුදුන් ගල් සොයාගැනීමේ කතාව සහ ඒවා නිරාවරණය කිරීම ඒවායේ කර්තෘ සේම සුවිශේෂී වේ.

යටත්විජිතවාදී විද්වත් විමර්ශනය පිළිබඳ වැදගත් කථාවකි…..
ආකර්ෂණීයව ගවේෂණය කරන ලද අත්‍යාවශ්‍ය අධ්‍යයනයකි. වටිනා යුගයක නිදර්ශන මගින් චිත්තාකර්ෂණීය ඓතිහාසික චරිතයක් නවක පාඨකයින්හට හදුන්වාදේ.
Independent

දයා පරවශ ප්‍රයත්නයකි, විශිෂ්ට අධ්‍යයනයකි. චාල්ස් ඇලන්ගේ අශෝක අමතක කළ වීර කාව්‍යයක් සොයා ගැනීමේ සුවිශේෂී සාක්ෂියකි. ඉන්දියාවේ පෞරාණිකත්වයට ඇලුම් කරන්නාවූ සියලු දෙනා ව්සින්ම මෙම කෘතිය කියවිය යුතුවේ.
ජෝන් කේ.

චාල්ස් ඇලන් අශෝක අධිරාජයා පිළිබඳව නිශ්චිතව අර්ථ දක්වනුයේ ඔහු එය කෙතරම් දක්ෂ ලෙස කළේද යන්න පෙන්වා දෙමිනි.
Literary Review

Reviews

There are no reviews yet.

Be the first to review “Ashoka-අශෝක”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat