Keheli.lk

15% OFF

Asakusawe rathu kalliya – අසකුසාවේ රතු කල්ලිය

රු807.00

අතීතයේ “ඊඩෝ” නමින් හැඳින් වුන ජපානයේ අගනුවර 1868 වර්ෂයේදී ටෝකියෝ නමින් නම් කොට ජපාන අධිරාජ්‍යයේ අගනුවර බවට පත් කරන ලදී. ඒ වන විට අසකුසා ප්‍රදේශය අගනුවරට ඇතුළත් වූ කොටසක් නොවීය. එහෙත් එහි පැවති කැනන් ආරාමය ආශ්‍රිතව එය සංචාරක මධ්‍යස්ථානයක්ව පැවතියේය. ගණිකා නිවාස සහ විවිධ විනෝදාංග සහිතව එය බහුල ලෙස දේශීයයන් මෙන්ම විදේශිකයින්ද විනෝද වීම සඳහා පැමිණි ස්ථානයක් විය. 1923 මහා භුමි කම්පාවෙන් පසුව ටෝකියෝව ප්‍රතිනිර්මාණය කිරිමේදී අසකුසා ප්‍රදේශයද
ටොකියෝවේම කොටසක් බවට පත් වූ අතර එය ජපානයේ විනෝදය සපයන ප්‍රධාන ස්ථානයක් බවට පත් විය. ටොකියෝවේ අතිශය චමත්කාරජනක, උද්යෝගිමත්ම හා ප්‍රාණවත්ම ප්‍රදේශය අසකුසාව විය. විනෝදය පිණිස අවශ්‍ය සියළු දෙයින්ම අසකුසා ප්‍රදේශය පරිපූර්ණ වී තිබිණ. සංචාරකයින් මෙන්ම හොරුන්, තක්කඩින්, දාමරිකයන්, ගණිකාවන් ආදී විවිධ දුරාචාර කල්ලි සියල්ල එහි තිබිණ. මෙහි දිග හැරෙන්නේ එහි එක් පැතිකඩකි.

Reviews

There are no reviews yet.

Be the first to review “Asakusawe rathu kalliya – අසකුසාවේ රතු කල්ලිය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat