Arunodaye Handewa – අරුණෝදයේ හැන්දෑව
රු1,190.00
…අනෙක් අතට ප්‍රේමයෙන් පරාජය වී දුක් විඳින පිරිමින්. හා ගැහැනුන් දැන් සොයා ගැනීමට අපහසු ය. ආදරයේ සඳළු තලයේ පෙම් කෙළිමින් සිට, ඒවා එපා වූ විට එයින් බැස දිව එන මොහොතේ ම නැවත බදාගෙන ආදරය කිරීමට. සිප වැලඳ ගැනීමට, දැක පැහැදුණු දින දෙක තුනකින් ම හෝටල් කාමරයකට ගොස් කාම සුඛල්ලිකානුයෝගයේ ගිලීමට එකඟ වන ගැහැනුන් හා මිනිසුන් ජංගම දුරකතන ඔස්සේ පෙළ ගැසෙමින් එති. ඩිජිටල් මේඝ දූතයන් අහුරු පිටින් ඇති බැවින් දුක් සුසුම් හෙලන කාලිදාසලා දැන් නැත.
– මධුර
මා කුඩා හෝටලයක විසිතුරු මාළුන් නළියන මාළු ටැංකියක් ඉදිරියේ ඇති සුව පහසු අසුනක වාඩි වී දිනක් ඔහු එනතුරු බලා සිටියේ මා සිතූ ආදර ලෝකයේ කිරණ කවදා හෝ උදා වේ යැයි මහත් අභිරුචියෙනි. ඒ වන විට මධුර මගේ ලෝකයේ සිටියේ උඩ එමින්, යට යමින් හැංගිමුත්තම් කරමිනි. හැම විටම නීති පනවන, උපහැරණ දෙසන. ගැහැනු බඹසර ගැන මහ ඉහළින් හිතන මධුර වැනි මෝඩයන්ට මා වහ වැටුණේ ඇයිදැයි සිතුණු කාලයකි එය..
– සේමානි










Reviews
There are no reviews yet.