Arunodawa-අරුණෝදාව
රු276.25
දෙවන ලෝක මහා සංග්රාමයේ දී නාසින්ගේ සමූල ඝාතන කඳවුරුවල රඳවනු ලැබ ජීවත්වීමට වාසනාව ලැබූ තරුණයකු යුදෙවු විමුක්තිය වෙනුවෙන් ක්රියාත්මක රහසිගත සංවිධානයකට බඳවාගනු ලබයි. ඊශ්රායල් දේශයක උරුමය පතා සටන්වදිනා සංවිධානයෙහි සතුරා වනුයේ ඉංග්රීසි හමුදාව ය. සන්නද්ධ අරගලයක නිරත වෙත සංවිධානය එක් අවස්ථාවක ඉංග්රීසින් විසින් අත් අඩංගුවට ගනු ලැබ මරණීය දණ්ඩනයට නියම කෙරුණ තම සටන් සගයකුගේ නිදහස වෙනුවෙන් බරපතළ තීරණයකට එළඹෙයි. ඒ තම සගයා නිදහස් නොකරන්නේ නම් ඊට එකටෙක කිරීමක් ලෙස තමන්ගේ අත් අඩංගුවේ පසුවන ඉංග්රීසි නිලධාරියකු මරා දැමීමයි. ඝාතකයා ලෙස ක්රියාකිරීමේ වගකීම පැවරෙනුයේ දිවි ගලවාගත් තරුණයා හට ය. වැයකළ යුතුව ඇත්තේ
එක මූනිස්සමක් පමණි. එය ද සංවිධානයේ අරමුණු වෙනුවෙනි. දේශපාලන අරමුණු සහ මානව සදාචාරයත් අතර වන ගැටුම තියුණු ලෙස ප්රශ්න කරනා මේ නවකතාව එලී වියෙසෙල් විසින් රචිත විශිෂ්ටතම කෘතියක් ලෙස
සැලකේ.










Reviews
There are no reviews yet.