Keheli.lk

20% OFF

Anayasa – අනායාස

රු360.00

එයා ආදරේ කරන්න දන්නෙත් නෑ ලබන්න දන්නෙත් නෑ. එයා දරුවන්ගේ වැඩපල ඔක්කෝ ම කරනව, ඇත්ත, කුස්සියේ වැඩපලත් ඔක්කෝ ම කරනව. එයා හිතන්නේ ඒක තමයි ආදරේ, එහෙම තමයි ආදරේ පෙන්වන්න ඕනෑ කියල. ඒත් එතන තියෙන්නෙත් අධිපතිවාදය. රෑට උයන්නේ මොනවද තීරණය කරන්නේ එයා. ඉඳි ආප්ප හදන්නෙත් එයා, පිට්ටු හදන්නෙත් එයා. මට තියෙන්නේ බලාගන ඉන්ඩ, පොල් ටිකක් ගාන්ට, ලූනු සුද්ද කරන්ට. ඒ පිළිවෙත කෙනෙකුට පේන්ට පුළුවන් ස්ත්‍රී විමුක්තියේ පියවරක් විදිහට; ගැහැනියට හිමි කුස්සිය නෙමෙයි කියල පෙන්වන්ට. ඒත් ඒ ක්‍රියාවලියේ බොහෝම සූක්‍ෂම විදිහට තියෙන්නේ පුරුෂාධිපත්‍යයි. එයා දරුවන්ගේ රෙදි හේදුව..ඒක හරි, හැබැයි එයා මගේ රෙදි හේදුවෙ ස්ත්‍රී විමුක්තිය කියල ඒ සඳහා ම නෙමෙයි. එයා ඒකෙන් මානසික වින්දනයක් ලැබුව. එයාට මම මගේ කිළි රෙදි කෑලි හෝඳන්න දුන්න නෙමයි, දවස් කීපයේ ඒවා එකතුවෙනකොට එයා ඒවා හේදුවා, මාත් එක්ක ඇඳට ගියේ නැතිවට ඒ කාලෙත් එයා ඒවා හේදුවා, එහෙම ලොකු ආස්වාදයක් වින්දා, මම දැකල තියෙනව, ඒ රෙදි හෝදනකොට එයාගේ මුණ මලක් වගේ පිපිල, රෙදි කෑලි හොදල මිරිකනකොට එයගේ ඇඟ ගැහෙනව, පස්සේ මලානික වෙනව, එයා එහෙම මානසික ලෙඩෙක්. මාත් එක්ක ඇඳට ගියෙ නැතිවට, හරියට ඇඳට ගියා වගේ එයා ඒකෙන් ලිංගික ආස්වාදයක් වින්ද!

Reviews

There are no reviews yet.

Be the first to review “Anayasa – අනායාස”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat