Keheli.lk

20% OFF

Ampitiye viththi-අංපිටියේ විත්ති

රු600.00

පත්තිනි ඇදහිල්ල ලංකාවේ විවිධ පළාත්වල පුළුල් ලෙස ව්‍යාප්ත පවතින ආගමික සංස්කෘතික භාවිතයකි. විශේෂයෙන්ම මෙම ඇදහිල්ල 13 වන ශත වර්ෂයෙන් පසු ලංකාවේ සාමාන්‍යයෙන් තෙත් කලාපය ලෙස ව්‍යවහාරයේ පවතින කලාපය තුළ බිහිවන නව සැකැස්මේ සංස්කෘතික නිර්මිතය තේරුම් ගැනීමට පත්තිනි ඇදහිල්ල තේරුම් ගැනීම අතිශයින් වැදගත් වේ. ලෝක ප්‍රකට මානව විද්‍යාඥයෙක් වන මහාචාර්ය ගණනාත් ඔබේසේකර විසින් රචිත The Cult of the Goddess Pattini නම් විශිෂ්ට කෘතිය මගින් මේ සඳහා කදිම සංකල්පීය හා ඓතිහාසික විග්‍රහ රාමුවක් සම්පාදනය කර තිබේ.

එන්. බී. චුලරත්නගේ මේ කෘතිය අපට සලකා බැලීමට හැකි වන්නේ ඒ පසුබිම තුළයි. අංකෙළිය වනාහී පත්තිනි ඇදහිල්ල සමඟ සම්බන්ධ වී පවතින පොදු ජනයාගේ සංස්කෘතික ජීවිතයේ දැනට වියැකී යන, නමුත් කලකට පෙර වැදගත් අංගයක් වූ සංස්කෘති කාංගයක් වේ. චුලරත්න මෙම කෘතිය මගින් මේ වැදගත් සංස්කෘතිකාංගය සම්බන්ධව සජිවි විස්තරයක් සපයයි. සීග්‍රයෙන් වෙනස් වෙමින් තිබෙන සමාජ සංස්කෘතික යථාර්ථයක් තුළ මේ වැදගත් පෞරාණික සංස්කෘතිකාංගය අඛණ්ඩව පවතින්නේ කෙසේද යන්න අවබෝධ කර ගැනීමට මේ කෘතිය ඉවහල් වේ.

මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි අංශාධිපති, ඉතිහාස අධ්‍යනාංශය, කොළඹ විශ්වවිද්‍යාලය

Reviews

There are no reviews yet.

Be the first to review “Ampitiye viththi-අංපිටියේ විත්ති”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat