10% OFF
Akramana – ආක්රමණ
රු3,555.00
නවාතැනෙන් එළියට පිවිසි යුවතිය ඉදිරියට පා තබන්නීය. ඇගේ නිල් පැහැ සාරිය සඳ එළියෙන් ආලෝකවත් වූ ගංගාවක් මෙන් රැළි නගයි. රිදී පැහැ සාරි බෝඩරය හිරුගේ ආලෝකයේ අවසාන රැස් දහරා අල්ලා ගෙන දිස්නෙ දෙයි. ඇගේ පාදවල නුපුර ඔහුට පමණක් ඇසෙන රෝමාන්තික තනුවත් පරිද්දෙන් නාද වෙයි. තබන සැම පියවරකදීම, ඔහුගේ නෙතු තම සිරුර මත බව ඈ දන්නීය.
ඇය ඔහුගේ මෝටර් රථයට ළඟා වී නතර වූයේ දොර පියන විවර කර ගත නොහැකි නිසාවෙන් නොව. ඔහු තමා වෙනුවෙන් එය සිදු කරන බව ඇය දන්නා නිසාවෙනි. ඉදිරියට පැමිණි ඉන්ද්රනාථ් ඇය වෙනුවෙන් නිහඬවම දොර පියන විවර කළේය. රථයට නැගෙන ලෙස නිහඬ බැල්මකින් ගෞරවයෙන් ආරාධනා කළේය. නමුත් ඇය රථයට නොනැග ඔහු දෙස බලා බැලුවාය.
” අපි කොහෙද යන්නෙ සර්..?”
ඇගේ පැනය හමුවේ ඇයට ඔහු වෙතින් ලැබුණේ සුපුරුදු රළු බැල්මය.
” මං එක්ක යන කොහාට හරි …”









Reviews
There are no reviews yet.