Keheli.lk

15% OFF

Agama Ha Darshanaya – ආගම හා දර්ශනය

රු799.00

ආචාර්ය, රවින්ද්‍ර බණ්ඩාර මහතා විසින් රචිත “ආගම හා දර්ශනය” යන  කෘතිය මගින් පුද්ගලයාගේ ජීවිතය හා නිරන්තරයෙන් බැඳී පවත්නා සුවිශේෂී ක්‍ෂේත්‍රයක් වන “ආගම” පිළිබඳවත් වෙසෙසින්ම පෙරදිග හා අපරදිග ඥාන ගවේෂණයේ විශේෂතා පිළිබඳවත් කරුණු ඉදිරිපත් කරයි. පෙරදිග ලෝකයේ බිහි වූ ප්‍රධාන දාර්ශනික සම්ප්‍රදායන් දෙකක් වශයෙන් බෞද්ධ දර්ශනය හා හින්දු දර්ශනය හඳුනාගත හැකිය. ඒ අනුව, සත්‍ය ගවේෂණයේ දී ඉතා වැදගත් සංකල්ප වන ලෝකය හා පුද්ගලයා පිළිබඳ හින්දු දර්ශනගත කරුණු මෙම කෘතිය තුළ අන්තරගත වන අතර, බෞද්ධ දර්ශනයෙහි ද ඒ පිළිබඳව ඉගැන්වෙන කරුණු කෙරෙහි වැඩි අවධානයක් යොමු කොට ඇත. ඒ අනුව, බෞද්ධ ආචාර විද්‍යාත්මක දිශානතිය පිළිබඳව ද කතුවරයා කරුණු ගෙනහැර දක්වයි.

Reviews

There are no reviews yet.

Be the first to review “Agama Ha Darshanaya – ආගම හා දර්ශනය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat