Keheli.lk

20% OFF

Aduru mahadwipaye sathwa paradisaya – අඳුරු මහද්වීපයේ සත්වපාරාදීසය

රු800.00

පෝල් වෙඩි තබන්නට තත්පරයෙන් කොටසකට පෙර, එසේ නැති නම් ඔහු රයිෆලයේ කොකා තද කරන විට ම මහලු සිංහයා පෝල් දුටුවේ ය. ඌ නැගිටින්නට විය. පෝල් එල්ලය ගත්තේ උගේ උරහිස් කොඳු නාරටියට ය. එහෙත් සිංහයා නැගිටිමින් සිටි නිසා උණ්ඩය වැදුණේ එල්ලය ගත් තැනින් පහළට ය. පෝල් ඒ මොහොතේ කළ යුතු දේ කළේ ය. ඔහු ඉතා සන්සුන්ව හා නිවැරදිව දිගට ම වෙඩි තිබ්බේ ය. ඔහුගේ දෙවැනි උණ්ඩයෙන් සිංහයා සැබැවින් ම මිය ගියේ ය. අනතුරුව අපි පොඩ්ඩක් එහාට උණෙමු. එහෙත් තමා නිවැරදි බව පෝල්ට තහවුරු කර ගැනීමට තිබිණි. ඔහු දිගට ම වෙඩි තිබ්බේ ය.
එහෙත් අනෙක් සිංහයා පැන යන්නට සැසුණි. එහෙත් දිවයන විට ම පෝල්ගේ උණ්ඩයක් අනපේක්ෂිත ලෙස ඌට වැදිණි. ඌ දත් විලිස්සා ගොරවමින් හැරී, අප දෙසට පැමිණෙන්නට විය. ඌ පැමිණියේ වේගයෙන් නොවේ. සැණින් ඌ සිරුර මඳක් අඹරා ඇණ තියා ඉඳගෙන ගොරවන්නට විය. පෝල්ගේ මැගසීනය හිස් වී තිබිණි. පෝල් කලබලයෙන් රයිෆලයට උණ්ඩ දමන්නට විය. ඒ වන විට මාර්ක්ස් රයිෆලය ඔහුගේ උරහිසට පැමිණ තිබිණි. ඔහු එල්ලය ගෙන කොකා ගැස්සුවේ ය. පෝල් ද ඒ සැණින් ඒ සමඟ ම යළි යළිත් වෙඩි තිබ්බේ ය. සියල්ල නිමා විය.

Reviews

There are no reviews yet.

Be the first to review “Aduru mahadwipaye sathwa paradisaya – අඳුරු මහද්වීපයේ සත්වපාරාදීසය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat