15% OFF
Adbutha Dadabbaraya – අද්භූත දඩබ්බරයා
රු416.50
“මම හිතට ධෛර්යය අරන් ඇහුවා ඔය හිස් අතක් නේද තියෙන්නේ කියලා” ”
හැබෑට?” පූජකයාගේ දෙනෙත් මහත් විය.
“ඊළඟට කරපු වැඩෙන් තමයි මට අම්මාගෙන් බිපු කිරි මතක් වුණේ”
වෛද්‍යවරයා හිසෙහි දෑත් තබා ගත්තේය.
” ඒ මොකක්ද?” පූජකයා විමසුවේ විමතියෙනි.
“ඊට පස්සේ මිනිහා උස් හඬින් හිනාවෙලා
හිස් කමිස අත මගේ මූණට ළං කළා”
” ඉතින්?”
” තවත් මොහොතකදී මට දැනුණා ඇඟිලි දෙකකින් මගේ නහය මිරිකනවා වගේ”
“මොනවා?! දෙවියනේ!”
” එත් කෝ ඇඟිලි?! නියෙන්නේ හිස් කමිස අතක් විතරයිනේ. මට නිකං කලන්තේ දැම්මා වගේ දැනුණා.
හිස් කමිස අතක ඇඟිලි?! මේ මොන පුදුමයක්ද?!”
වෛද්‍යවරයා බියෙන් දෙනෙත් මහන් කළේය.
“විශ්වාස කරන්නත් බෑ ”
“ඒ ගමන මම බොහෝම වේගෙන් කමිස අතට පාරක් ගැහුවා. මගේ පාර වැදුණේ හැබෑ අතකට!” වෛද්‍යවරයා දියෙන් ගොඩට ගත් මසෙකු මෙන් වෙව්ලන්නට විය.








Reviews
There are no reviews yet.