Bawa Mehewara – භව මෙහෙවර
රු1,035.00
අනුරුද්ධ කපිලවංශයන් විසින් රචනා කරන ලද “භව මෙහෙවර ” නම් වූ නවකතාව ප්‍රේම කතා සම්ප්‍රදායෙන් බැහැර වූ කාලවකවානු ද්විත්වයක් තුළ දිවෙන අතිශයින් සුන්දර වූ නිර්මාණයකි.
මෙහි කතා නායකයා මධ්‍යම පාන්තික පවුලක දොළොස්වැනි වියේ පසුවන පිරිමි දරුවෙකි. ඔහුගේ මනසෙහි හදිසියේ ඇතිවන විපර්යාසයකින් ආරම්භ වී මන බඳින සිද්ධීන් සමූහයක් මනා සංයමයකින් යුතුව පෙළගස්වා ඇති මෙම කතාව බාල, මහලු සැමදෙනාටම එකසේ රස විඳිය හැකිය.
ප්‍රධාන වශයෙන් වර්තමානය හා සබැඳී මෙම නිර්මාණයේදී කිසිදු අපහසුතාවකින් තොරව පාඨකයා අතීතයට ගෙනයාමට භාවිත කර ඇති ක්රමෝපායන් නවකතාකරණයේ කතුවරයා සතු පරිචය මොනවට පිළිබිඹු කරයි. මෙහි බස් වහර සරලය. සුගමය. ප්‍රියමනාප රචනා ශෛලියකි.
නවමු රසාස්වාදයක් පාඨකයාට ලැබෙන පරිදි නව රටාවක් ඔස්සේ මෙවැනිම වූ තවත් නිර්මාණ කතුවරයා අතින් ඉදිරියේදී බිහි වේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.










Reviews
There are no reviews yet.