Keheli.lk

10% OFF

Man danamuththa – මං දැනමුත්තා

රු1,125.00

කතා පනහක සංග්‍රහය

මුඛ පරම්පරාවෙන් පැවත එන මහදැනමුත්තාගේ සිත් ගත් කතා පනහක් අඩංගු මේ කතා සංග්‍රහය, සරල සිංහල බසින් හා නවආරකින් කළ ප්‍රතිරචනයක් ලෙස, හැදින්විය හැකි ය.
තරුණ ලේඛකයෙක් ලෙස මට කිව හැක්කේ “මං දැනමුත්තා” නැවුම් ආස්වාදයක් ගෙනදෙන එක හුස්මට කියවිය හැකි, කෘතියක් බවයි. තරුණ අපට මෙන් ම වැඩිහිටියන්ට ද එක සේ රස විඳිය හැකි වීම මේ කෘතියේ තවත් සුවිශේෂ ලක්ෂණයකි.
මෙහි කතුවරයා විද්වතෙකු වූ ද, පොත් ප්‍රකාශන ක්ෂේත්‍රයේ ගෞරවයට පාත්‍ර වූ ද දිවංගත හේම අමරසිංහයන්ගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රරත්නය වෙයි. ඔහු දීර්ඝ කාලයක සිට මහා බ්‍රිතාන්‍යයේ ජීවත් වෙමින්, අඛණ්ඩ ව පත-පොත හා විවිධ මාධ්‍යයන් ඔස්සේ තවදුරටත් කවි-ගීත ලිවීමෙහි නිරත වී සිටීම පැසසුම් කටයුතු ය.
කතරක මල්, ගිනි මකරා, ගෙඹිබෑණා, මුතු තෑග්ග හා කවිකාර අන්දරේ පළමු හා දෙවැනි කෘති කතුවරයා අතින් ලියැවුණු අනෙක් කෘති අතර වෙයි.
ළමා මනසට වෙසෙසින් හිතකර සරල බසින් හා නිවැරැදි වහරින් ලියැවී ඇති ඔහුගේ අනෙක් කෘති අතරට “මං දැනමුත්තා” කෘතිය එකතු වන්නේ ද, මනා හික්මීමකින් වහරනු ලැබූ කෘතියක් වශයෙනි.

-ලේඛක චරිත් හිරිපිටිය

Reviews

There are no reviews yet.

Be the first to review “Man danamuththa – මං දැනමුත්තා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat