Pani walalu – පැණි වළලු
රු1,125.00
‘පැණි වළලු’ දැනට ඉරිදා ලංකාදීප පත්‍රයේ පළවන ජනප්‍රිය තීරු ලිපියකි. 2010 ඔක්තෝබර් සිට වසරක කාලයක් පළ වූ ‘පැණි වළලු’ තීරු ලිපි මෙම කෘතියෙහි සංග්‍රහ කොට ඇත. මෙහි රචකයා සමාජ සංසිද්ධීන් තම ජීවන අත්දැකීම් සමඟ මුසුකොට සියුම් ව හෘදයාංගම ව සංවේදී ව හා සරල ව ඉදිරිපත් කරයි. එය ලේඛකයකුගේ අවංක ආත්ම ප්‍රකාශනයක් ලෙස කියවන්නාට දැනේ. එබැවින් මෙම තීරු ලිපි උස් මිටි බාල මහලු දැන උගත් ඛේදයකින් තොර ව පාඨක හද බැඳගනී. ගහ කොළ ගංගා ඇළ දොළ ඇතුළු ස්වභාවධර්මය සජීවි ව මෙහි එන ලිපිවල පෙනී සිටියි. කුරුල්ලෝ ද පූසෝ ද මිනිසුන් සේ දොඩති. හැසිරෙති. කුඩා දරුවකුගේ ඇසින් ලෝකය දෙස බලන ලේඛකයාට මිත්තණිය ද වැඩිමහලු මිනිසුන් ද ජීවිතයේ චමත්කාරය හා දුක දොම්නස කැටුව එන අපූර්ව චරිත ලෙස හැඟී යයි. නවකතාකරුවකුගේ රූපණ විලාසයෙන් ඉදිරිපත් කරන මෙම තීරු ලිපිවල අවසානයේ පිඬුකොට දක්වන ජීවන දර්ශනය ජීවිතයේ අනිත්‍යතාව පිළිබිඹු කරන්නකි. එය පාඨක හද කම්පාවට පත් කරයි.










Reviews
There are no reviews yet.