Keheli.lk

20% OFF

Hima amma saha thawath katha – හිම අම්මා සහ තවත් කතා

රු208.00

හිම අම්මා සහ තවත් කතා, පුංචි අයට ලියපු පුංචි කතා නවයක එකතුවක්. එකෝමත් එක කාලෙක ජීවත් වුණ හොඳ ගතිගුණ තිබුණ ලස්සන කරුණාවන්ත ළමයින් වගේ ම කම්මැළි නරක ළමයිනුත් මේ කතන්දරවල ඉන්නවා. පුළුවන් කාලෙ වැඩ අරන්, බැරි වුණා ම පන්නලා දාපු අහිංසක සත්තු සංගීතකාරයො වුණ හැටි, අනුන්ට උදවු කරපු කරුණාවන්ත මිනිස්සු වාසනාව උදා කර ගත්ත හැටි, වැඩි ලෝබකම නිසා මෝඩ මිනිස්සුන්ට ලැබුණ වාසනාවෙන් ප්‍රයෝජන ගන්න බැරි වුණ හැටි මේ පොතෙන් පුංචි ඔබට දැන ගන්න ලැබේවි. ඒ විතරක් ද? තැනට සුදුසු නුවණින් වැඩ කරන්න බැරි ව තමන්ට හිමි සියලු ම දේවල් අහිමි කර ගත්ත උදවිය වගේ ම එඩිතරකම නිසා ජයග්‍රහණය ලබපු උදවිය මේ කතන්දරවලින් පුංචි ඔබට මුණගැහේවි.
හොඳ අයට රත්තරං තෑගි දෙන හිම අම්මලා, රත්තරං හංසයො, කොළ පාට ඇඳ ගත්ත කුරුමිට්ටො, රත්තරං මාළු, බලසම්පන්න කුමාරවරු පුංචි ඔබේ හිත් තුළ හැමදාමත් රැඳේව්. ඒ වගේ ම ඒවා පුංචි ඔබට රසවත් මතක සටහනුත් ගෙන ඒවි.

Reviews

There are no reviews yet.

Be the first to review “Hima amma saha thawath katha – හිම අම්මා සහ තවත් කතා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat