Viniwida – විනිවිද
රු712.00
දසත සුවඳ හමමින් හිරු එළිය සිප ගනිමින් සුපිපෙන මල් බඳු ළමා ලෝකය සැබැවින් ම සුන්දර ය, අපූරු ය, මනරම් ය, නිර්මාණාත්මක ය, අභිමානයෙන් යුතු ය, තෙදවත් බවින් යුතු ය, නව චින්තනවලින් පිරිපුන් ය. එබඳු ළමුන්ගේ සුපිරිසිදු චින්තනයෙන් අනාගත ලෝකය නව මානයකට යොමුවනවා නියත ය. අතන සාහිත්‍ය ලෝකය තුළ පරිවර්තන වෙනසක් ඇති ව තිබෙන්නේ ළමා චින්තන පරිවර්තනයන් _ නිසා බව අවිවාදයෙන් පිළිගත යුත්තකි. ළමා ලෝකයට ඉඩහසර ලබා දී ඇත්තේ නව ලොවක් උදෙසා ගමන් කරන්නට ය. එවන් මොහොතක බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම කළාපයේ සීතාවක කොට්ඨාසයේ බප/හෝ ශාන්ත මරියා මහ විද්‍යාලයේ 11 A ශ්‍රේණියේ ඉගෙනුම ලබන මුදිතා සෙව්වන්දි ගුණතිලක ශිෂ්‍යාව ස්ව නිර්මාණයක් ලෙසින් සුසම්පාදිත විනිවිද නම් වූ කෘතිය සුවිශේෂීය.
නාගරික පාසලක ඉගෙනුම ලබමින් ගැමි දිවියේ සැබෑ අරුත වින්දනය කරමින් ඊට අදාළව කුඩා කාලයේ සිට පොත පත පරිශීලනය කරමින් ලත් අව්‍යාජ අත්දැකීම් තුළින් ගැමි පරිසරයක ඇති සුන්දරත්වය සහ, සැබෑ දක්ෂ ලේඛිකාවක් තුළ ගැබ් විය යුතු ශිල්පීය ලක්ෂණ ඇය හට කුඩා කාලයේ සිට පවතින බවත් මෙම කෘතියේ අන්තර්ගතය තුළින් සැබෑවට පෙනේ. නාගරික දිවිය විදින සියලූ දෙනාම ගැමි සෞන්දර්ය හදවතට කාවද්දමින් නව මානයක් වෙත යොමු කරන කෘතියක් බව අගය කරමි.
Out of stock










Reviews
There are no reviews yet.