Widu asin balamu-විදු ඇසින් බලමු
රු360.00
ශ්‍රී ලංකාවේ වෙනස් වන අධ්‍යාපන රටාවට වඩාත් ගැළපෙන කාලීන – හරවත් විද්‍යා ග්රන්ථ රැසක් ලියමින්, සිසු – ගුරු ප්‍රසාදයට සහ සම්මානයට පාත්‍ර වූ ප්‍රවීණ විද්‍යා ලේඛක සරත් ජයසිංහ විසින් සම්පාදනය කළ විදු ඇසින් බලමු නමැති ග්‍රන්ථයේ 5 වැනි සංස්කරණය මෙලෙසින් පාඨකයින් වෙත තිළිණ කෙරේ.
මෙය ජාතික අධ්‍යාපන ආයතනයේ ග්රන්ථ සමීක්ෂණ මණ්ඩලයෙන් අනුමිත ග්රන්ථයකි. තව ද, වෙසෙසින් ම 8, 9, 10 සහ 11 ශ්‍රේණිවල ඉගෙනුම ලබන පාසල් සිසුනට, ගුරු භවතුන්ට මෙන්ම කුතුහලය පිරි විදු දැනුම සොයන සෑම පොදු පාඨකයකුටම, කියවා දැනුම්, අවබෝධය ලබාගත හැකි ග්රන්ථයකි.
එදිනෙදා ජීවිතය සහ පරිසරය සමග බැඳුණු කුතුහලය පිරි විද්‍යාත්මක කරුණු රැසක් අලළා සරල – සුගම භාෂා ශෛලියකින් මෙම ග්‍රන්ථය සම්පාදනය කොට තිබේ. මෙහි කතුවරයා විදතගුරුවරයකු ලෙස වසර 15 ක පමණ කාලයක් ලැබූ පුළුල් අත්දැකීමි ග්‍රන්ථය සම්පාදනය කිරීමේ දී ඉමහත් පිටිවහලක් විය.
නිදහස් විද්‍යාත්මක චින්තනයක ඇති කාලීන අවශ්‍යතාව තදින්ම දැනෙන අද වැනි දවසක, සරත් ජයසිංහ විසින් සම්පාදිත මෙම ග්‍රන්ථය, විශේෂයෙන් මෙරට විදන සාහිත්‍ය පෝෂණයෙහිලා ද දායක වනු නිසැකය.
උපාලි මාරසිංහ
ග්රන්ථ කර්තෘ
ලේකම්, ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය.









Reviews
There are no reviews yet.