15% OFF
Wasare CEO-වසරේ CEO
රු1,275.00
සමහර දවස් පහසු නැහැ. උදෑසන නාද වෙන එලාර්ම් එකේ ඉඳලා, හවසට පාරෙ හිරවෙලා ගෙදර යන තැන වෙනකල් මේ සටනේ බර දැනෙනවා. සමහර දවසේ සුවදායක නැහැ. මහන්සිවෙලා පළවෙනි රුපියල උපයන තැන ඉඳලා, හොඳින් උපයලා හැමදේම ගොඩනගනවා කියන තැන වෙන කල් මේ සංග්‍රාමයේ කැපකිරීම් තියෙනවා. ඒත් අතහරින්න බැහැ!
සටන් විරාම නැහැ!
අපිට ලැබුණු දේවල්වලට වඩා නොළැබුණු දේවල් වැඩියි. අපි විඳපු දේවල්වලට වඩා නොවිඳපු දේවල් වැඩියි. ගමනේ අතරමැද ‘කවුරුහරි කෙනෙක්’ වෙලා නැවතුණොත් විඳපු නැති ගොඩක් දේවල් විඳින්න බැරි වෙනවා. ලැබුණේ නැති ගොඩක් දේවල් හීනයක්ම වෙනවා. ඒ නිසා හඬ හඬා හෝ මේ සටන උඩම පුටුවකට යන්න. වැටී වැටී හෝ මේ සංග්‍රාමය මේ විධායක ඉණිමගේ කෙලවරටම බඩගාන්න.
Reviews
There are no reviews yet.