Wane pannaraya labu hati-වානේ පන්නරය ලැබූ හැටි
රු1,192.00
වානේ පන්නරය ලබන්නේ ගිනි රත් කොට වහාම දැඩි සීතට හසු කිරීමෙනි. සිවිල් යුද්ධයේ ගින්නෙන් සහ සාමකාමී ඉදිකිරීමේ වැඩවලින් ඔහුගේ පරපුර පන්නරය ලැබී ය. ඔහුගේ ජීවිතය ‛ගැට්ට ළඟට ම’ පැමිණි විට දී, ක්‍රියා විරහිත බවට, ඇස් අන්ධ මෙන් හැඟිණි. 1930 සැප්තැම්බර් 11 දා ප්යෝතර නෝවිකොට්ට මෙසේ ලියුවේ ය:
“ජීවත්වීම සනාථ කිරීම සඳහා අවශ්‍ය හරයකින් ජීවිතය පුරවාලීම අරමුණු කරගත් සැලැස්මක් මා ළඟ ඇත. එම සැලැස්ම ඉතා අමාරු ය. ඉතා අසීරු ය. එය ක්‍රියාවට යෙදවීමට හැකි වූවොත් අප පසු ව ඒ ගැන කතා කර ගනිමු…”
“ඔබ නිර්භීත මිනිහෙකි. කොමියුනිස්ට්වාදී පරමාර්ථවලට කැප වීමට ඔබට හැකි වූයේ නිර්භීතකම නිසා ද?”
“ඔව්.”
ඔස්ත්‍රොව්ස්කි මොහොතකුදු පමා නොවී පිළිතුරු දුන්නේ ය.
ඔහුගේ රෝගය අසාධ්‍ය වූව ද, අත් පා සෙලවිය නොහැකි වුව ද, දෙනෙත් අන්ධ වුව ද, දිවා රෑ නොතකා ශාරීරික වශයෙන් පීඩා වින්ද ද ඔහු ඉතා ප්‍රීතියෙන් පසු වන බව වාර්තාකරුට පැවසී ය.







Reviews
There are no reviews yet.