Keheli.lk

10% OFF

Walmiki Ramayanaya වාල්මිකී රාමයණය

රු1,350.00

සියුම් කලාකාරියක් වශයෙන් නව නාට්‍ය රසයෙන් පරිපූර්ණ ප්‍රථම සිංහල නවකතාව සිරියාලතා – උත්පාද කිරීමෙන් සතළොස් වියේ දී ම සිංහල සාහිත්‍ය ලෝකයේ අසහාය ගෞරවාදරය දිනූ, හෙළදිව මහා නවකතාකරු මෙන් අර්ධ ශත වර්ෂයක් සපුරා බැබැළුණු, වැල්ලෙවත්තේ ආරච්චිගේ ඒබ්රහම් සිල්වා 1890 ජනවාරි 16 වැනි දින වැල්ලෙවත්තේ මධ්‍යම පංතියේ පවුලක උත්පත්තිය ලැබුවේ ය. හෙතෙම, ජන්ම දායාදය වශයෙන් ලත් කලා කෞශල්‍යය ඇත්තේ විය. සිංහල, පාළි, සංස්කෘත, ඉංගිරිසි ආදී භාෂා ශාස්ත්‍රයන්හි හසළ බුද්ධියෙන් විශාරද විය. ලෝක ධර්ම හා නර ස්වභාවය හැඳිනීමේ තියුණු නුවණින් ප්‍රවීණ විය. අවලෝකනයෙන් හා ප්‍රතිභා ශක්තියෙන් අගප්‍රාප්ත විය. තමා විසින් ම නිර්මිත නිරාකුල ව්‍යක්ත ශෛලියකින් සිය බසේ හාස්කම් දැක්වී ය. තුරුණු වියෙහිදී වෙළෙඳ ලිපිකරුවෙකු වශයෙන් ගෙවුණු සුළු කාලය ද ලංකා සමය’ වැනි පුවත්පතින් මෙන් ම, ‘සිරිසර’, ‘නුවණ’, ‘තිලක’ වැනි මාසික සංග්‍රහයන් මඟින් පුවත්පත් කලාව වෙනුවෙන් ගෙවුණු කාලය ද, හැරුණු විට නව කථාකරණය සඳහා ඔහුගේ මුළු කාලය යෙදුණේ ය; ශ්‍රම ශක්තිය ගෙවුණේ ය.
ඩබ්ල්යු. ඒ. සිල්වාගේ ශ්‍රේෂ්ඨම ප්‍රබල පෑන, 1957 මැයි 31 වැනි දින සිට සදහට ම ක්‍රියා විරහිත වී ඇත්තේය. ඔහුගේ නව නිෂ්පාදනයක රස විඳුනා කුසල බලය අප කෙරෙන් තුරන් වී ඇත්තේ ය. එහෙත් සිංහල සාහිත්‍යය වෙනුවෙන් මුළු ජීවිතය කැපකොට, පනස් වසරක් තුළ ඔහු විසින් ලියා තැබුණු අගනා මිණි වන් අමරණීය මහා පොත් රැසක් නොනැසී පවත්නේ ය.

Reviews

There are no reviews yet.

Be the first to review “Walmiki Ramayanaya වාල්මිකී රාමයණය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat