Keheli.lk

20% OFF

Waikin naukawaka sawariyak-වයිකිං නෞකාවක සවාරියක්

රු464.00


‘කවුද මේ එරික් ?.”
“එරික් ද රෙඩ් කියන්නේ මේ රට හොයාගත්තූ කෙනාට. මේ රටට ග්‍රීන්ලන්තය කියලා නම තිබ්බෙන් ව්යායාම නමයි. මෙහාට එන්න කලින් එරික් ජීවත් වෙලා තියෙන්නේ අයිස්ලන්තයේ” “එනකොට ඇයි එයා අයිස්ලන්තයෙන් ඇවිත් තියෙන්නේ ?” පැට්‍රික් ඇසුවා. බෙන්ගෙන් ලැබුණේ මෙවැනි උත්තරයක්. “අයිස්ලන්තයේ හිටපු බලගතු පුද්ගලයෙක් එරික් ගේ පවුලට අයිති වුණ වටිනා නිධානයක් පැහැර ගන්නවා. ඊට පස්සේ මේ පවුල් දෙක අතර මහා විශාල සටනක් ඇති වෙනවා. ඒකෙන් ගොඩාක් දෙනෙක් මැරෙනවා. අයිස්ලන්නේ පාලකයින් ට මේ සටන නතර කරන්න ඕනෑවෙනවා. ඒ හින්දා ඒ අය එරික් ව අයිස්ලන්තයෙන් පිටුවහල් කරනවා.”

“එරික්ව තමාගේම රටෙන් පිටුවහල් කරනවද?. ඒක හරිම අසාධාරණයි නේ ”

“ඒක ඇත්ත තමයි පැට්‍රික්. එරික් ට රුවල් නැවකුයි, නාවිකයෝ කණ්ඩායමකුයි හිටියා. රටෙන් පිටුවහල් කළාට පස්සේ එයා මේ ගොඩබිම හොයාගෙන ග්‍රීන්ලන්තය කියලා නම් කරලා මෙහේ පදිංචි වෙනවා.

Reviews

There are no reviews yet.

Be the first to review “Waikin naukawaka sawariyak-වයිකිං නෞකාවක සවාරියක්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat