Keheli.lk

10% OFF

Vithanda samaya- විතණ්ඩ සමය

රු405.00

ඉතිහාසය විසින් උජාරුවට ලියා දෙන ලද උදාර ජීවන සැලැස්මක් මේ ටවුමේ ජීවිතයට නැත. ස්වකීය ගැම්මෙන් එය ඉදිරියට ගලා යයි.
ටවුමේ වීථි, අතුරු වීථි එකිනෙක හරහා විහිදෙන අයුරින් එක් චරිතයක් තවත් චරිතයකට සම්මුඛ වෙයි. සාම්ප්‍රදායික ප්‍රභූ සමාජය සමග ගැටුමට හා සහවාසයට යන චරිත අතර වෙළෙඳ පවුල්වල හිතුවක්කාර දූපුත්තු ද, පුනරුත්ථාපන කඳවුරුවලින් නිදහස ලබා අලුතින් ජීවිතය අරඹන දේශපාලන සිරකරුවෝ ද, සැමියන්ගේ බයිපාස් සැත්කම් වෙනුවෙන් දිවි කැපකර සම්මාදම් එකතු කරන තරුණ බිරියෝ ද, වෙළෙඳ හාම්පුතුන්ගේ අවජාත දරුවන් කුස දරන ද්‍රවිඩ මෙහෙකාරියෝ ද වෙති. විතණ්ඩාවට ඔවුන්ගේ ජීවිත දාහය යි.
සහශ්‍රයක් කෙළවර කරමින් මතු වූ බියකරු දේශපාලන අර්බුද මැදින් නාගරික සමාජය හා වෙළෙඳ ප්‍රජාව පශ්චාත් නූතන ව්‍යාකූලත්වයට හා අවිනිශ්චිතතාවට මුහුණ දෙන සැටි සාම්ප්‍රදායික අති නාටකීය කතා රසයෙන් අනූන අසම්ප්‍රදායික නව ප්‍රබන්ධයකට නැගෙයි.

Out of stock

Reviews

There are no reviews yet.

Be the first to review “Vithanda samaya- විතණ්ඩ සමය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat