Tik tik – ටික් ටික්
රු637.50
Epitom Digital, Pick a Book, Life After Retirement (LAR) ese Simbutu හි නිර්මාතෘ සහ අධ්‍යක්ෂකවරයෙකු වන රාගුලන් තර්මකුලසිංහම්, සුදුසුකම් ලත් අලෙවිකරුවෙකු සහ සමාජ ව්‍යවසායකයෙකි. ඔහු අලෙවිකරණය, කළමනාකරණය මෙන්ම නායකත්වය පිළිබඳ විශේෂඥ දැනුම තුළින් ව්‍යවසායකත්වය සහ දැනුම පදනම් වූ සමාජයක් ගොඩනැගීම සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර ඇත.
Pick a book, කියවීම තුළින් මිනිස් ජීවිත පරිවර්තනය කිරීම සඳහා නිර්මාණය කරන ලද ව්‍යාපාරයක් වන අතරම, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ජීවිත නඟා සිටුවීමේ වේදිකාවක් වන LAR (විශ්‍රාමයෙන් පසු ජීවිතය), අසරණ වූ සතුන්ට පිහිට වීමට පටන්ගත් Simbufu තවත් ප්‍රජා සත්කාරයකි.
රාගුලන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ උපාධියක් ලබා ඇති අතර, 2007 සහ 2009 වර්ෂවල ප්‍රායෝගික අලෙවිකරණය සහ උපාය මාර්ගික අලෙවිකරණය (වරලත් අලෙවිකරණ ආයතනය) සඳහා ශ්‍රී ලාංකික ත්‍යාගලාභියා ලෙස කීර්තිමත් පිළිගැනීමක් ලබා ඇත. තවද මොහු Roxbourg සමාජ ව්‍යවසායකත්ව ආයතනයෙහි මානූෂීයත්වය පිලිබදව ශාස්ත්‍රපති උපාධිය රන් ශ්‍රේණියක් සමඟ අවසන් කල දක්ෂ
ව්‍යවසායකයෙකි.
ඔහුගේ දැක්ම වන්නේ ප්‍රඥාව සහ දැනුම බෙදා හදා ගනිමින් ලාංකිකයන් ගෝලියකරණය සමඟ ප්‍රගතිය කරා ගෙන යාමයි.







Reviews
There are no reviews yet.