Keheli.lk

10% OFF

Thimira mandira – තිමිර මන්දිර

රු2,970.00

චාල්ස් ඩිකන්ස් සම්භාව්‍ය මෙන්ම පාඨකයා සතුටු කිරීමට සමත් නවකතාකරුවකු ලෙස විචාරකයෝ හඳුන්වති.බ්ලීක් හවුස් නවකතාව මේ බව හොඳින් සනාථ කරයි.

මහාචාර්ය හිලිස් මිලර්ට අනුව ඩිකන්ස් තමා ජීවත් වූ වකවානුවේ ඉංග්‍රීසි සමාජයේ හරස් පැති කඩක් විදහා දක්වයි. ඔහුගේ අන් සැම නවකතාවකටම වඩා මෙමගින් සමාජය පිළිබඳ පුළුල් චිත්‍රයක් අලංකාර ලෙස පාඨකයාට ඉදිරිපත් කරයි. තියුණු ලෙස භාවිතා කරන ඔහුගේ වාග් මාලාව තුළින් නාට්‍යමය විලාශයකින් එම සිද්ධි විස්තර කරයි. ඒ අතරම මෙම සමාජයේ සිදුවීම් විසුලු ආකාරයකින් උපහාසයට ලක් කරයි. ශ්‍රීමත් ලීසෙස්ටර් ඩෙම්ලොක් බැරන්වරයාගේ සිට වීදිය අමදින ජෝ නම් අනාථ දරුවා දක්වා දක්වන එම චරිත කාර්මික විප්ලවය මගන් ඇති කළ දූෂණය සමාජය තුළ කාවැදී තිබුණු අයුරු පැහැදිලි කරයි. මේ කතාවේ එන බොහෝ චරිත පරම්පරා ගණනාවක් ඇදී යන ජාන්ඩයිස් සහ ජාන්ඩයිස් නඩුව නිසා පඹගාලක පැටලී සිරවී පිඩා විඳිති. නඩුව අවසාන වීමද මුළුමනින්ම විහිළුවකි.

Reviews

There are no reviews yet.

Be the first to review “Thimira mandira – තිමිර මන්දිර”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat