Keheli.lk

15% OFF

Thelma – තෙල්මා

රු1,912.50

මාරි කොරෙලි සොඳුරු කව් බසින් අප අමතා කියන්නේ ඉරපානේ හමුවූ ෆිලිප් – තෙල්මා යුවලගේ ආදර වෘත්තාන්තයයි. නෝර්වේ දේශයේ බොස්කෝප් ග්‍රාමයේ නූගත් ගැමියෝ තෙල්මාගේ හදවත තබා රූ සිරියවත් වටහා නොගත්තෝය. ගතානුගතික අදහස් එකහෙලා පිළිගත් ඔවුහු ඇය යක්දෙස්සියක යැයි කීවෝය.
රසවින්දයෙන් සාහිත, සංගීත, කාව්‍ය හා නාටක රසාලිප්තව, ඒ සොඳුරු බැව් රූ සිරියාව හා කැටිව තෙල්මා නම් සුපිරිසිදු හදවත් ඇත්තිය නිර්මාණය වූවාය. ලන්ඩනයේ වංසක්කාර ගැහැනු එනිසාම ඇයට ඊර්ෂ්‍යා කළෝය. ඔවුන්ගේ කුහකකම් හා දුෂ්ඨත්වය හමුවේ බිඳී නොයන්නට තරම් ඒ සුපිරිසිදු හදවත සමත්වීද?
මාරි කොරෙලි අවසානයේ අපෙන් මෙසේ අසන්නීය. “ආදරය නිසාම ජීවත් වන්නට වටනේද ? ඒ නිසාම මිය යන්නට වටනේද? ජීවත්වන කෙටි කාලය තුළ එහෙ මෙහෙ දුවන ඡායාවන් මැද අපට ග්‍රහනය කරගත හැකි සිත් පිනවන දෙය ආදරයමද? අඳුරේ පොර බදන අපේ ජිවිත තුළ අප කරන කියන දෑ අතර පවතින එකම පහන් එළිය එයමද?”

Reviews

There are no reviews yet.

Be the first to review “Thelma – තෙල්මා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat