Keheli.lk

15% OFF

The Inmate – සිරකරු

රු1,402.50

වසර එකොළහකට පෙර, බෲක් සලවන් මරණයෙන් බේරුණේ අනූ නවයෙනි. ඇගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කළ එම බිහිසුණු රාත්‍රියේ ඇසින් දුටු සාක්ෂි මත පදනම්ව, ඇගේ පෙම්වතා වූ ශේන් නෙල්සන්ව සිරගත කෙරිණි.
දැන් බෲක් නැවතත් සිය උපන් ගමට පැමිණ ඇත. ඇය එහි අධි ආරක්ෂිත බන්ධනාගාරයක හෙදියක ලෙස සේවයට බැඳෙයි. එහිදී ඇයට එක් රීතියක් පිළිපැදීමට සිදු වේ:
”කිසිවිටෙකත් සිරකරුවන් සමඟ පෞද්ගලික සබඳතා පවත්වන්න එපා.”
නමුත් බෲක් හට එම රීතිය කැඩීම වැළැක්විය නොහැක. මන්ද, ෂේන් නෙල්සන් එම බන්ධනාගාරයේම සිරගතව සිටින බැවිනි. ඔහු තවමත් පවසන්නේ තමන් නිවැරදිකරු බවයි. ඔහු පවසන්නේ එදා රාත්‍රියේ සැබෑ අපරාධකරු තවමත් නිදැල්ලේ සිටින බවයි.
බෲක් වටා යටපත්ව තිබූ රහස් යළීත් හිස ඔසවන්නට ගනියි. ඇය වසර ගණනාවක් විශ්වාස කළ දේ සත්‍යයක් ද? නැතිනම් ඇය සිරකරුවකුගේ දැලකට හසුවී අවසාන ද?
ඔබ වඩාත්ම බිය විය යුත්තේ බන්ධනාගාරයේ සිටින සිරකරුවාට ද, නැතිනම් ඔබ අසලම සිටින පුද්ගලයාට ද?

Reviews

There are no reviews yet.

Be the first to review “The Inmate – සිරකරු”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat