Thatta mankollakaraya(A to Z Mysteries) තට්ට මංකොල්ලකාරයා
රු442.00
‘බී’ අකුර දැකපු ගමන් අපිට මතක් වෙන ඉංග්රීසි වචනයක් තියෙනවා. ඒක තමයි Buck. ඩොලරයේ කාසිය හඳුන්වන්නත් මේ වචනය භාවිතා වෙනවා. රහස් පරීක්ෂකයා මද වෙලාවක් මිතුරන් තිදෙනා දිහා බලාගෙන සිටියා. ඔහු මෙසේ පැවසුවේ ඊට පසුවයි. “මම ඔයාලට කියන්නේ මොකක්ද දන්නවද ?.
මංකොල්ලය සිද්ධවෙන වෙලාවේ පොඩි ළමයෙක් ඒක වීඩියෝ කරලා තියෙනවා. අන්න ඒ ළමයා හොයාගෙන වීඩියෝ පටිය ගෙනැත් දුන්නොත් ඔයාලට අපූරු තෑග්ගක් ලැබෙනවා.”
“මොන විදිහේ තෑග්ගක් ද ලැබෙන්නේ ?.”ජෝෂ් ඇසුවා. “එක් කෙනෙකුට ඩොලර් සීය ගාණේ ලැබුණොත් ඇති ද ?.” “ඩොලර් සීයක් ?.”
රූත් රෝස් බෙරිහන් දුන්නේ දරාගත නොහැකි විස්මයකින්. ඒ අතර රහස් පරික්ෂකයා කුඩා පොතක් ගෙන පැන්සලකින් එහි යමක් ලිව්වා. ඊට පසුව ඔහු කොලය කඩා අතට ගත්තා.
මේ තියෙන්නේ මගේ ටෙලිෆෝන් නොම්බරය. ඔයාලට වීඩියෝ එක ලැබුණොත් මට ඉක්මනට කතා කරන්න.”
රහස් පරීක්ෂක රෙඩීගේ කාර්යාලයෙන් පිටතට පැමිණි ඩින්ක්, ජෝෂ් සහ රූත් රෝස් දිහා විමසිල්ලෙන් බැලුවා. ඊට පසුව ඔහු මෙසේ කිව්වේ පුදුමාකාර සතුටකින්”එක්කෙනෙකුට ඩොලර් සීයක්. ඒ කියන්නේ අපිට සල්ලිකාරයෝ වෙන්න ලේසියෙන්ම පුළුවන්.”







Reviews
There are no reviews yet.