Keheli.lk

10% OFF

Suluthara warthawa -සුළුතර වාර්තාව

රු450.00

අපරාධයක් සිදු වීමට නියමිත ව තිබිය දී එය කල් තබා දැක, අපරාධකරුවා අත්අඩංගුවට ගෙන සිරගෙට යවන ක්‍රමයක් පැවතිය හොත් කුමක් සිදු වනු ඇත් ද? එවැනි සමාජයක ජීවත් වන්නකුට කෙබඳු සුරක්ෂිතතාවක් දැනෙනු ඇත් ද? පූර්ව අපරාධ අංශයේ ප්‍රධානී ජෝන් ඇන්ඩර්ටන්ගේ ඒ සිහිනය ජාන ඒ විපතයන්ගේ අනාගතය දැකීමේ හැකියාවෙන් සැබෑවක් බවට පත් වේ. පූර්ණ වශයෙන් අපරාධවලින් තොර උතෝපියාවක් බිහි කිරීමට ඔහු සමත් වේ. එහෙත් එවැනි ස්ථිරතාවකින් අනාගතය ගැන පුරෝකතනය කළ හැකි ද?
ප්‍රකට අමෙරිකානු ජාතික විද්‍යා ප්‍රබන්ධ ලේඛකයකු වන පිලිප් කේ. ඩික් විසින් ලෝක විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යයට එක් කරන ලද නිර්මාණ රාශිය අතරින් වඩාත් ජනප්‍රිය ම ප්‍රබන්ධය ලෙස ගැනෙන්නේ “සුළුතර වාර්තාව ය. ලෝක පූජිත සම්මානනීය සිනමාකරුවකු වන ස්ටීවන් ස්පීල්බර්ග් අතින් මේ ප්‍රබන්ධය සිනමාවට නැඟීම ද ඊට එක් හේතුවක් විය හැකි ය. එසේ වුව ද, පිලිප් කේ. ඩින්ගේ මුල් ප්‍රබන්ධය සිනමාපටයට වඩා බෙහෙවින් වෙනස් ම නිර්මාණයක් බව මෙය කියවන පාඨකයාට ප්‍රත්‍යක්ෂ වනු ඇත.

Reviews

There are no reviews yet.

Be the first to review “Suluthara warthawa -සුළුතර වාර්තාව”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat