Sulan nimnaye adamaya – සුළං නිම්නයේ අධමයා
රු800.00
මේ අධමයා ව්යාඝ්රයෙක් විය. මේ වන විටත් ඔබ ඵ් ගැන අනුමාන කරන්නට ඇත. මේ කතාවට පාදක වී ඇති පළාත වන්නේ කොයිම්බතූර් දිස්ත්රික්කයේ උතුරේ කොල්ලෙගාල් නගරයේ පිට සීමාවේ සිට පහළ දකුණේ ඩිම්බූම් උත්තුංගය දක්වා සැතපුම් පනස් පහක් පමණ ප්රදේශයත්, බිලිගිරි රංගන් කඳු වැටියේ සිට බටහිර වනාන්තරය සහ තැනිතලාව අතර ඒ හා සමාන දුරක් ඇති ප්රදේශයත්, කාවේරි නදියට නැගෙනහිර පැත්තෙන් ඇති ඉතා කඩතොලු සහිත කඳුකර ප්රදේශයත් ය.
බටහිර පැත්තට ඇති වනාන්තරයටත්, නැගෙනහිර පැත්තට ඇති ගොවි බිම්වලටත් ඇති මේ තැනිතලා පළාතේ මැද පිහිටා ඇත්තේ ලොක්කානාහල්ලි සහ බායිලූර් යන ගම්මාන දෙක ය. ලොක්කානාහල්ලි ගම්මානය පිහිටා ඇත්තේ කොල්ලෙගාල් වලට සැතපුම් දාසයක් ඈතිනි. බායිලූර් ගම්මානය පිහිටා ඇත්තේ ලොක්කානාහල්ලි ගම්මානයට තවත් සැතපුම් දාසයක් පමණ දකුණු දෙසිනි. මේ ගම්මාන ඇත්තේ දැවැත්ත කුණාටුවේ විජිතය මැද ය. ව්යාඝ්රයා තම අපරාධ ආරම්භ කළේ මේ ගම්මාන වල ය. ඌ වන්දිය ගෙවූ විට අවසානයේ ඒ අපරාධ අවසාන විය.










Reviews
There are no reviews yet.