Keheli.lk

15% OFF

SS Hamudawa Yali Nagiti – එස් එස් හමුදාව යළි නැගිටියි

රු1,530.00

“හිට්ලර්ගේ SS හමුදාව” ලෙසින් පළ වූ “Odessa File” හි සිදුවීම් වලින් වසර ගණනාවකට පසු, පීටර් මිලර්ගේ මුනුපුරා වූ, බර්ලිනයේ ජීවත් වන සාර්ථක මාධ්‍යවේදියකු වන ජෝජ් මිලර්, නාසීන් නැවත බලයට පත් කර ඔවුන්ගේ මිනීමරු පාලනය නැවත ආරම්භ කිරීම අරමුණු කරගත් නාසි ජාලයක් වූ ඔඩෙස්සා සංවිධානය නැවත මතු වී ඇති බවට ප්‍රබල සාක්ෂි සොයා ගනියි.

ඔවුන්ගේ ක්‍රියාකාරකම් සොයාගන්නා ජෝජ්, මෙය නතර කළ නොහැකි බව පෙනෙන තරම් ද්‍රෝහී සංවිධානයක් බව දැන ගනියි. ජෝජ් මරා දමීම සදහා ඔඩෙස්සා නියෝජිතයන් ඔහු ලුහුබදින අතර, මෑත කාලීන ව සිදු වූ ත්‍රස්තවාදී කුරීරුකම් මාලාව ඔවුන්ගේ පළිගැනීමේ මාවතේ පළමු පියවර පමණක් බව ද ජෝජ් සොයාගනියි. එසේ ම ඔවුන්ගේ ඊළඟ ප්‍රහාරය ඉතිහාසයේ ගමන් මග වෙනස් කරන්නක් බව ජෝජ්ට හොදින් ම පැහැදිලි වේ.

මෙම විනාශය නතර කිරීමට කරන උත්සාහයේ දී, මෙය මහාද්වීප හරහා, ජර්මනියේ වනාන්තරවල සිට වොෂින්ටනයේ හදවත දක්වා සහ ධවල මන්දිරය වෙත ද විහිද යන බව පෙනේ. එහි දී, ලෝක බලය ලබා ගැනීමට ආසන්න ව සිටින නාසීන්ගේ නව පරම්පරාවක් ඔහුට හමු වේ. ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදය බිඳ වැටෙන තුරු නතර නොවනු ඇත.
මෙම විනාශය නතර කිරීමට ජෝජ් මිලර් ඇතුළු කණ්ඩායම ගන්නා ක්‍රියා මාර්ගය කුමක් වේද?

Reviews

There are no reviews yet.

Be the first to review “SS Hamudawa Yali Nagiti – එස් එස් හමුදාව යළි නැගිටියි”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat