Keheli.lk

10% OFF

Soldadu Kolla සොල්දාදු කොල්ලා

රු594.00

රටේ යහපත වෙනුවෙන් වැඩ කිරීමට සපත කර පැමිණි ජර්මානු ජනාධිපති (චාන්සලර්වරයා) වූ ඇඩොල්ෆ් හිට්ලර් ජර්මානු ජනතාවට විනාශය අත්කර දුන්නේ ලෝකයම යටත් කරගන්නට යාමේ පලවිපාක වශයෙනි. මේ කෲර යුද්ධයේදී ළමයින් මිලියන දහතුනකට ආසන්න පිරිසක් මරා දැමුවේය. ඒ අතර යුදෙව් දරුවන් ලක්ෂ 25 ක් පමණද, රුසියානු දරුවන් දස දහසකට ආසන්න පිරිසක්, රුමේනියානු, පෝලන්ත, ප්‍රංශ ඇතුළු රටවල දරුවන් දස දහස් ගණනක්ද ඔවුන් මරා දැමූ ළමයින් අතර වෙති. මේ කෲර යුද්ධයේදී ප්‍රංශයට පහර දී ඉතා පහසුවෙන් යටත් කරගත් බැවින් රුසියාවද එසේම පහසුවෙන් යටත් කරගත හැකි වෙතැයි සිතූ හිට්ලර්ගේ අමනෝඥ තීරණය ඔහුගේ අවසානය ළඟා කරවීමටද සමත් විය. සෝවියට් සෙබළුන් ජර්මන් සෙබළුන් සමූල ඝාතනය කරමින් ආක්‍රමණිකයින්ට දරුණු පාඩමක් කියා දුන්නේය. මේ රුසියානු සෙබළුන් අතර ලෝකයේ පළමුවන ළමා සොල්දාදුවා බිහි විය. මේ ඔහුගේ ජීවිත කතාවයි. මෙම කතාවෙන් සමස්තලෝකයටම ඉගෙන ගත හැකි පාඩම් රාශීයක් තිබේ.

Reviews

There are no reviews yet.

Be the first to review “Soldadu Kolla සොල්දාදු කොල්ලා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat