Siyothuni Apata Tatu Ne සියොතුනි අපට තටු නෑ
රු585.00
මම දෙනෙත් හැරියෙමි. අපූරු සුවදායක බවක්, මගේ ගතටත්, සිතටත් දැනිණ. අඩ හෝරාවක් පමණ වූ සුව නින්ද මගේ සිතෙහි පැවැති කෝප සහගත, අසහනකාරී හැගීම සියල්ල ඈතින් ඈතට පළවා හැර ඇති සේය. මම මා පසෙකින් නිදන ෂෙනාල් දෙස බැලුවෙමි. ඔහු ද ඒ මේ අත පෙරළෙමින් සුවදායක නින්දකට වැටී සිටියි.
මම ඇඳෙන් නැගී සිටියෙමි. විවෘත කවුළුව තුළින් නොකඩවා කාමරය තුළට සුළං හමයි. ප්රාණවත් හිරු එළිය කවුළුව තුළින් පිවිස අවට ඇති ගස් වැල්වල දිගටි සෙවනැලි යහන මත මවයි. මම ජනේලය අසලට ඇවිද ගියෙමි. අපූරු කුරුළු ගී හඬක් මා සවනත වැකිණ. සැබවින්ම මෙය නම් අපූරු ලෝකයකි.
සංචාරක බංගලාව වට කොට ගෙන ඇත්තේ මහා වනයයි. මිනිසුන්ගේ නෙත නොගැටෙන නොඉඳුල් මහා වනයයි. අසාර් කොතැනක ඇත්දැයි මම කවුළුව තුළින් එබී බැලුවෙමි. එහෙත් ඔහු පෙනෙන තෙක් මානයකවත් දක්නට නොවීය. සැකයක සේයාවක් මගේ සිතට එබිකම් කරන්නට විය. කාමරයේ වූ බිඳුණු කැඩපතට එබී අවුල් වූ හිසකෙස් සකසා ගත් මම කාමරයෙන් පිට වූයෙමි.








Reviews
There are no reviews yet.