Keheli.lk

20% OFF

Sithu wisithuru – සිතු විසිතුරු

රු500.00

“හැමදාම අනුන්ගෙ තැන්වල,, අනුන්ගෙ විදියට ජීවත් උන මට මේ ලැබුණ ජිවිතේ… මොකක් ද කියලා මට තාම අදහගන්න බැරුව ඉන්නේ නංගි.. ජිවිතේ කියන්නෙ මෙච්චර ලස්සන එකක් කියලා මං දැනගෙන හිටියේ නෑ…”
“ඔයා විතරක් නෙවෙයි අයියේ.. අම්මියි මායි හිටියෙත් ඒ වගේ ම හිර උන ලෝකෙක.. අපිත් මේ නිදහස් ලෝකෙ දැකලා තිබුණෙ නෑ අයියේ.. ඔයා නොහිටියා නම්.. අපි දෙන්නටත් මේ වෙනස් ලෝකෙ දකින්න වෙන්නෙ නෑ..”
99
අමාවිගේ හඬෙහි වූයේ පුදුමාකාර කෘතවේදී බවකි.
“ඇත්තට ම අපි අපිට කොහොම මුණ ගැහුණද කියලා මට හිතාගන්නවත් බෑ නංගි.. බෝඩිං හවුසස් සීයක් විතර බලලා බලලා අන්තිමේදි මං නෙළුම්පුර හයවෙනි පටුමගට හැරෙවුවෙ කවුරුවත් කියලා නෙවෙයි.. නම්බර් ට්වෙල්ට් ගේට් එක ළඟ නතර කළෙත් හිතලා නෙවෙයි.. කවුරු හරි මාව නිකම් හරවලා හරවලා එතෙන්ට එවලා එතන නැවැත්තුවා වගේ..”
“ඒ.. සංසාර පුරුද්ද අයියේ., ඇවිද්දවලා ඇවිද්දවලා එක තැනක නතර කරවනවලුනේ.. සමහර විට මේ ඒ නවත්තපු තැන වෙන්න ඇති..”

Reviews

There are no reviews yet.

Be the first to review “Sithu wisithuru – සිතු විසිතුරු”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat